(අතුල බණ්ඩාර)
වැව් මාළු ඔළුවකට පොලීසි ගිය කතාවක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉකුත් සති අන්තයේ සිදුවූ මේ සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය.

මැදවච්චිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අයිනේ වැව් මාළු අලෙවි සැලක් පවත්වාගෙන යන වෙළෙන්දෙකුගෙන් එම ප්‍රදේශයේම අයෙකු වැව් මාළු කිලෝවක් මිලදී ගෙන ඔහු ලවාම මාළු කිලෝව කප්පවාගෙන ගෙදර රැගෙන ගොස් තිබුණේ තම බිරිඳගේ පහසුව ගැන කල්පනා කරමිනි.
සැමියා විසින් ගෙදරට ගෙනා කැපූ වැව් මාළු කිලෝව පිසින්නට පෙර කැපූ මාළුන්ගේ කෑලි එකින් එක තබා මාළු කුරියන් කී දෙනෙකු සිටී දැයි බලන්නට සිතුණු පාසල් ගුරුවරියක වූ බිරිඳට මාළු කෑලි එකින් එක තබද්දී එක් මාළුවකුගේ ඔළුව නොමැති බව පෙනී ගොස් තිබිණි.
එය දුටු සැනින් ඇයට කේන්ති ගොස් තිබුණේ මාළු වෙළෙන්දා සැමියාට වංචාවක් කර ඇති බව හැඟුණු බැවිනි. ගෙදරට ගෙනා කැපූ මාළු පාර්සලයේ එක් මාළුවෙකුගේ ඔළුවක් නැති බව සැමියාට පෙන්වූ ඇය නැවත කැපූ මාළු පාර්සලය වෙළෙන්දා දුන් ආකාරයටම ඔතා එය සැමියා අතට දී මාළුවාගේ ඔළුවට වූ දේ වෙළෙන්දාගෙන් අසන්නට යැයි කියා පිටත්කර යවා තිබිණි.
බිරිඳ පැවසූ පරිදි කටයුතු කළ සැමියාට මාළු වෙළෙන්දා පවසා ඇත්තේ ගෙවල්වලට රැගෙන ගොස් ආපසු ගෙනෙන මාළු කෑලිවලට වූ දේ ගැන තමන්ට වගකිව නොහැකි බවයි.
මාළු වෙළෙන්දාගේ ඒ කතාව සැමියා පැවැසූ විට කේන්තිය දෙගුණ තෙගුණ වූ ගුරුවරිය වැව් මාළු පාර්සලය ද රැගෙන පොලිසියට ගොස් මාළු වෙළෙන්දාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට යද්දී පොලිස් නිලධාරීන් ඇයව සන්සුන් කර මාළු වෙළෙන්දා පොලිසියට කැඳවා ප්‍රශ්නය ගොඩින් විසඳා සමථයකට පත්කිරීමට කටයුතු කර තිබිණි.
කොහොම නමුත් මේ සිද්ධිය ප්‍රචාරය වීමෙන් පසු මාළු වෙළෙන්දාගෙන් මාළු මිලදී ගැනීමට පැමිණෙන අයගේ ගණන නම් බොහෝ දුරට අඩු වී ඇතැයි පැවැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd