IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තප්පර 45 කට කලින්​ බෝතලේ හිස් කරන ඔට්ටුවෙන් එලෝ ගිහින්

(රාජාංගණය - නුවන් කුමාර)
ඉක්මනින් අරක්කු බෝතලයක් බී වාර්තාවක් තැබීමට සූදානම් වූ තරුණයකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමේ පුවතක් ආරංචිවෙයි.


සිද්ධියේ කතානායක වන තරුණයා අවුරුදු 23ක් පමණ වයසැති දක්ෂ වඩු කාර්මිකයෙකි. මොහුගේ දක්ෂතාව නිසාම තම ගම්මානයේ පමණක් නොව දුර බැහැර ප්‍රදේශවල වැසියන් ද තමතමන්ගේ නිවෙස්වල වඩුවැඩ කරගැනීමට මෙම තරුණයාට ආරාධනා කිරීම සාමාන්‍ය දෙයකි.


බොහෝවිට ඔහු වඩුවැඩවල යෙදෙන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය. ඒ නිසාම ඔහුට ගෝලයෝ පිරිසක්ද සිටිති.


කොපමණ දක්ෂ වඩු කාර්මිකයෙකු වුවද ඔහු ඇතුළු ගෝලයින්ගෙන් කොටසක් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇත.


කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් රජය විසින් ඇඳිරි නීතිය පැනවූ සමයේදී සුරාසල් වසාදමා තිබූ නිසා බොහෝ විට මොවුන් ඇතුළු පිරිසට මත්ද්‍රව්‍ය ලබාගැනීමට බාධා පැමිණ තිබුණි..


ඇදිරිනීතිය මදක් ලිහිල්කර සුරාසල් විවෘත කිරීමත් සමග අප්‍රමාණ සතුටක් මියගිය පුද්ගලයාට හා ඔහුගේ මිතුරන්ට දැනෙන්නට විය.


නොච්චියාගම ප්‍රදේශයේ නිවසක වහලයක් ගැසීමට ඔවුනට ආරාධනා ලැබෙන්නේ පසුගිය සතියේය. වැඩ අවසන් කර  අරක්කු බෝතල් කිහිපයක් මිලදී ගත් පිරිස ඒවා එකින් එක හිස්කරමින් සිටින අතරතුර අපේ කතානායකයාට අපූරු අදහසක් පහළ වී තිබේ.


තමා මීට පෙර තත්පර 45ක් ඇතුළත අරක්කු බෝතලය කටේ තබාගෙන පානය කොට තැබූ වාර්තාව තමා විසින්ම බිඳහෙළන බවට පුරසාරම් දොඩා  මෙවරත් අරක්කු බෝතලය කටේ තබාගෙන පානය කිරීමට සූදානම් වූ විට අරක්කු පිට උගුරේ ගොස් දැඩි ලෙස අසාධ්‍යවී ඇත. මිතුරන් විසින් ඔහු රෝහල් ගත කරනු ලැබුවද අවාසනාවකට ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ.

 



අදහස් (1)

තප්පර 45 කට කලින්​ බෝතලේ හිස් කරන ඔට්ටුවෙන් එලෝ ගිහින්

Pradeep Thursday, 04 June 2020 05:29 PM

වෘත්තියේ දක්ෂයෙකු වුවත් සුරාවේ ආදීනව වටහා නොගැනීම සහ නොමනා ක්‍රියා සඳහා ඔහුගේ තිබු අධිතක්සේරුව නිසා අකාලයේ අහිමි වූ තරුණ ජිවිතයක්. පාඩමකට ගෙන හැදෙන කෙනෙකුට හැදෙනවානම් හොඳ ප්‍රවෘත්තියක්..

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1811 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1475 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site