IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ශාන්තිකර්මයට ආ කතට ආලවට්ටම් පෑ ‘කපුවා’ කපෝති

(වියලු‍ව වාර්තාකරු)
හැරගිය සැමියා ආපසු ගෙන්වා දීම සඳහා ශාන්තිකර්මයක් කර දීමට තම දේවාලයට ගෙන්වාගත් කාන්තාවකගෙන් හොඳ හැටි පහරකා  දේවාලයේ තිබු වටිනා බඩු මුට්ටු මෙන්ම තම ජීවිකාවද අහිමිකරගත් කපු මහතකු පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය


 ඇය තරුණ විවාහක කාන්තාවකි. සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කිරීමත් සමගම කිසියම් හේතුවක් නිසා ඇයගේ සැමියා ඇය අත්හැර අගනුවර ප්‍රදේශයට ගොස් වෙනත් කාන්තාවක් සමග දීග කමින්  සිටියේ තම දරුවා මෙන්ම බිරියද අමතක කර දමමිනි.


 ඔහු යළි ගෙන්වා ගැනීමට නීති අංශ මගින් කටයුතු කළද පලක් නොවූ තැන ඇය දෙවියන්ගේ පිහිට පැතීමට තීරණය කළේ මිතුරියකගේ මග පෙන්වීම අනුවය.


ඒ අනුව තම ගම්මානයට තරමක් දුර බැහැරින් පිහිටි දේවාලයක කපුවකු හමුවී තමුන්ට අත්වූ ඉරණම විස්තර කළේ ඔහුගෙන් කිසියම් පිහිටක් බලාපොරොත්තුවෙනි.


 සැමියා ගෙන්වා දීම සුළු කටයුත්තක් බව පැවසූ කපු මහතා ඒ වෙනුවෙන් ශාන්තිකර්මයක් කළ යුතු බව කියා සිටියේ ඇය ඉදිරියේ සිහින ලෝකයක් මවමිනි. 


කටයුත්ත සුළුපටු නොවන එකක් බව ඇය වෙත අවධාරණය කළ කපු මහතා ඒ වෙනුවෙන් දින තුනක් දිය නා පිරිසුදු වී ඇඳ පැලඳගෙන බුලත් අතක් පමණක් රැගෙන දේවාලයේ වතාවත් නොපැවැත්වෙන දිනකදී තනිවම පැමිණෙන්නැයි කියා සිටියේ සැමියා ගෙන්වාදෙන තුරු සියලු‍ කටයුතු රහසේ සිදු කළ යුතු යැයි ද අවවාද කරමිනි.


  කපු මහතා කී පරිදි දින කීපයක් තිස්සේ දිය නා පේවී පිරිසුදුවට හැඳ පැළඳ ගත් ඇය හුදෙකලාවම දේවාලය වෙත පැමිණියේ සිය   සැමියා ගෙන්වා ගැනීමට ඕනෑම කැපකිරීමක් කරන්නට සූදානම් බව කපු මහතාටද අවධාරණය කරමිනි.


  ඇය පැමිණෙන විටත් දේවාලය පාළු පිටියක ස්වභාවයක් ඉසිලූ අතර දේවාලයේ සිටියේද කපු මහතා පමණි.


 කිසිවකුටත් නොදැනෙන පරිදි දේවාලයේ කුටියකට  කාන්තාව කැඳවා ගත්ත කපු මහතා ඇයව අසුනක වාඩි කරවා ශාන්තිකර්මය කිරීමට පෙර කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් පිළිබඳව ඇයව දැනුම්වත් කළේ ඒ සඳහා ඇගේ කැමැත්තද ඉල්ලා සිටිමිනි.


  ගොනා හැරෙන්නේ පොල් පැළයට බව තේරුම් ගත් කාන්තාව තමුන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම දෙයකට සූදානමින් මුලින්ම ඔහුගේ යෝජනාවන්ට එකඟව කටයුතු කළ ද වැඩ වැරදී ගැන එන බව දැනගත් ඇය කපුවාට අතින් පයින් පහර දී දේවාලයේ තිබූ දේවරූපයක් ඇතුළු බඩු මුට්ටු කීපයක්ද පොඩි කරමින් එළියට පැන මරළතෝනි දෙන්නට පටන් ගත්තේ මෙතෙක් කලක් කපුවා පොරවාගෙන සිටි සුදු පිරුවට  ඉවත්කරමිනි.


සිද්ධියෙන් පසු කපුවාද අතුරුදන් වී ඇති අතර ඔහුද ද මේ වන විට නගරයේ වැඩ බිමක් සොයා ගොස් එහි කොන්ක්‍රීට් අනතැයි ගම්මු පවසති.

 



අදහස් (1)

ශාන්තිකර්මයට ආ කතට ආලවට්ටම් පෑ ‘කපුවා’ කපෝති

Pradeep Tuesday, 09 June 2020 05:41 PM

මිනිසුනේ.. තමන්ගේ ඇති ප්‍රශ්න, ගැටළු වලට විසඳුම දෙවියන් නොවන බව වටහා ගන්න. එසේ නොකරන තාක් කල් ඔබට කපටිකම් වලට, වංචාවන් වලට හසු නොවී සිටිය නොහැකියි. දේවාලයේ යමක් නැති වුනොත් කපුවා යන්නේ පොලිසියට. ගමේ මිනිසුන්ගේ දෙයක් නැති වුනාම ඔවුන් යන්නේ දේවාලයට. තම භුමියේ සිදුවන දේවල් වලට පිහිට විය නොහැකි දෙවියන් ඔබලාට පිහිට වන්නේ කෙසේද. විවාහ වීමට බලාපොරොත්තුවෙන තරුණ තරුණියනි, වෙන කිසිම ගැලපීමකට පෙර ඔබ දෙදෙනාගේ අදහස්, ගති පැවතුම් ගැලපෙන්නේදැයි පළමුව විමසන්න. එය නොගැලපෙන්නේ නම් වෙනත් කිසිදු ගලපිමකින් පලක් නැත. විවාහය යනු එකිනෙකා අතර හොඳ ආබෝධයකින් යුතුව යා යුතු ගමනක් මිස නීති වලින් බැඳීමෙන් පමණක් යා නොහැකි ගමනකි. මම පෞද්ගලිකව යමෙක් මා හැර යන්නේ නම් ඔහුට හෝ ඇයට යන්න ඉඩ දෙනවා මිස බලෙන් නවත්වා ගන්නේ නැත.

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site