(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අසනීපව සිටින බිරිඳ රැකබලා ගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවෙසට ගෙන්වා සැමියා අනියම් බිරිඳගේ නිවෙසට සිය කැමැත්තෙන්ම නිරෝධායනය වීමට ගිය පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු විවාහක දෙදරු පියෙකි. තම බිරිඳ අංශභාගය රෝගය වැළඳී කාලයක සිට නිවසේ රැඳී ප්‍රතිකාර මත පසුවන්නියකි.
තම වැඩිමල් පුතාත්, බාල දියණියත් විවාහ වී පිට පළාත්වල වාසය කරති.
ඇඳිරි නීතිය පනවන කාලසීමාව තුළ නිවෙසේ පසුවූ පියා තම දරුවන් අමතා කියා ඇත්තේ, අම්මාට අසනීප වී ඇති බැවින් වහාම ගෙදරට පැමිණෙන ලෙසටය.
ඒ අනුව බස්නාහිර පළාතේ ජීවත්වෙන පුතා හා දියණිය වහාම අදාළ පොලිස් ස්ථාන වෙත ගොස් ඇඳිරි නීති බලපත්‍ර සකසාගෙන නිවෙසට පැමිණ ඇත්තේ පියාගේ දැනුවත් කිරීමට අනුව අම්මා අසනීපයෙන් පසුවන නිසා ඇයට ප්‍රතිකාර ලබාදී ඇය රැකබලා ගැනීමටය.
දුව දරුවන් හා විවාහක බෑනා සමගින් ද, අලුත විවාහක පුතු තම ලේලිය සමගින්ද නිවෙසට පැමිණි පසුව පියා හදිසියේ නිවසින් අතුරුදන්ව ඇත.
ඒ ගැන සොයා බැලීමේදී පියා අනියම් ඇසුරක් පවත්වන විවාහයෙන් වෙන්ව සිටින එක්දරු මවකගේ නිවසට ගොස් ඇති බවත්, ඇය ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බැවින්, එහි ගිය මෙම තැනැත්තා ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් දින 14කට එහි ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් තම දරුවන්ට එහිදී දැන ගන්නට ලැබුණි.
ඒ පිළිබඳව දරුවන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇතත්, දින 14 කාලය නික්ම යනතුරු සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව් පොලිසිය පැවසීමෙන් පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැව් පොලිසිය පැවසීමෙන් අනතුරුව දරුවන්ගේ පියා හිතාමතාම දරුවන් නිවෙසට කැඳවා සිය කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනයට ලක්ව ඇති අනියම් ඇසුර පවත්වන එම නිවෙසට ගොස් ඇති බවට එම දරුවන්ටද තොරතුරු අනාවරණය වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අසනීප බ්රිය දරුවන්ට බාරදී සැමියා අනියම් පෙමත් එක්ක ස්වයං නිරෝධායනයට ගිහින්
රෝහිණී මාරසිංහ Tuesday, 26 May 2020 04:06 PM
මෙහෙමයි, ඉස්සර වාගේ නෙවෙයි ඔය අනියම් ඇසුරු ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි කාලයක් මේක. ගෙස්ට් හවුස් පවත්වාගෙන යන අයට කන කොකා තමයි...