IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


කොකිස් මල්ල ගාඩ් කළ ආරක්ෂකයාගේ ජොබ් එකට තට්ටු

(හිඟු‍රාණේ - නවරත්න සමරතුංග) 
කොකිස් මල්ලකට අපූරු ආරක්ෂාවක් ලබාදුන් ආරක්ෂක නියාමකයකු පිළිබඳ පුවතක් ඉකුත්දා අම්පාර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකින් වාර්තාවේ. 


එම සිද්ධිය මෙසේය. 


ඔහු උහන නගරයේ පළාත්පාලන ආයතනයක පිළිගත් රැකියාවක නියුතු අයෙකි. 


තම බිරිඳ සමඟ රෙදිපිළි මිලදී ගැනීමට එක්තරා වෙ​ළෙඳ ආයතනයකට පැමිණියේය. ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය රථ ගාලක නතර කිරීමෙන් පසුව එම වෙළෙඳ සලට ගොඩවී ඇත. 


ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා රැගෙන යමින් තිබුණ කොකිස් 400 පමණ දැමූ මල්ල ත්‍රීවිලරයේ ඉදිරිපස හැඬලයේ එල්ලා ගොස් තිබුණ අතර වෙළෙඳ සලෙන් පිටවූ ඔහු තම බිරිඳ සමඟ යළි එම රියට නැග ගමන් ඇරඹූ බව කියති. 


ටික දුරක් ගමන් කරද්දී කොකිස් මල්ල පෙනෙන්නට නොවූයෙන් ආපසු හැරී අදාල වෙ​ෙළඳ ස්ථානය වෙත පැමිණ එහි රාජකාරිය කළ ආරක්ෂක නියාමකගෙන් ඒ ගැන විමසා ඇත. 


‘‘මහත්තයා වීල් එක පාක් කරපු තැන හරිනෑ! කාර් කාරයෙක් ඇවිත් මටත් බැන්නා කාර් එක දාන්න පුළුවන් විදියට වීල් එක පාක් කළේ නෑ කියලා.’’ ‘‘මහත්තයාගේ වැරැද්ද තමයි. එයා  ඔයාගේ මල්ල අරන් යන්න ඇති’’ යැයි කීවේය.


‘‘හොඳයි මම මැනේජර් හමුවෙලා එන්නම්’’ කී පාරිභෝගිකයා කළමනාකරු හමුවී සිද්ධිය පැවසීය. 


මේ අතර ආරක්ෂක නියාමක වටපිට බලා පාරිභෝගිකයන්ගේ බඩු තබා යන රාක්කය අසල යමක් සඟවන ආකාරය කොකිස් මල්ල අයිතිකරුගේ බිරිඳ දැක ඇත.


  ඇය වහා එතැනට ගොස් මේ තියෙන්නේ අපේ මල්ලයැයි පවසා එය අතට ගත්තාය.


මේ අතර කළමනාකරු ආරක්ෂක නියාමකට කතා කොට මේ මහත්තයාගේ මල්ල කවුරුන් හෝ ගෙන යනවා දුටුවේදැයි ප්‍රශ්න   කළේය. 


‘‘සර් අපේ කඩේට එන කාගේවත් බඩු නැතිවෙන්නේ නෑ! ‍කාර්   කාරයෙක් අරන් යන්න හැදුවා මම ඒක අරගෙන පරිස්සමට හංගලා තිව්වා’’යැයි  කීය. 


එවිට කෝපයට පත් පාරිභෝගිකයා මේ වගේ අය මෙහෙම ආයතනවල තියා ගන්න එපා! වටිනා දෙයක් මල්ලේ තිබුණා නම් ඒත් මේවගේ තමයි! කී ඔහු‘ඉඳා කාපන්!’ කියමින් කොකිස් අහුරක් ගෙන ඔහු ඉදිරියේ පො​ෙළාවේ ගැසුවේය. 


එවිට ඇතිවූ ඝෝෂාව ඇසී සේවක පිරිස හා ඒ අවට සිටි විශාල පිරිසක් එතනට රැස්වූහ. කළමනාකරු පාරිභෝගිකයාට බැගෑපත් වෙමින් සමාව ඉල්ලා සිටියේය. සමාව ඉල්ලලා හරියන්නේ නෑ. මම හෙට එනකොට මෙයා මෙතනින් තුරන්වෙලා ඉන්න ඕනෑ! නැතිනම් ඉහළ කළමනාකාරිත්වයට පැමිණිලි කරනවා’’ කී ඔහු පිටව ගියේය.

 



අදහස් (2)

කොකිස් මල්ල ගාඩ් කළ ආරක්ෂකයාගේ ජොබ් එකට තට්ටු

SISRA Saturday, 06 June 2020 02:09 AM

කොකිස් වලට අහිංසක මනුස්සයෙකුගේ රැකියව නැති කරනවද?

:       107       58

PradeepSaturday, 06 June 2020 10:06 AM

ආරක්ෂක නිලධාරියා එම බෑගය ගන්න ඇත්තේ කොකිස් වල රස බැලීමට විය නොහැකියි. මොකද මේ කතාවේ හැටියට ඔහු ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැන ගන්න විදියක් නෑ. කෙසේ වුවත් හොරකම හොරකමමයි. ඊට නිසි දඬුවම් ලැබිය යුතුයි. කවුරුත් දැනගන්න ඕන තම තමන්ගේ රැකියා ආරක්ෂා කර ගන්න.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site