(වියලුව වාර්තාකරු)
ඇඳිරි නීතිය පවත්නා දිනවලදී භාවිතයට ගැනීම සඳහා කල්තබාම රැගෙනවිත් සිය නිවසේ ශීතකරණයේ ගබඩා කර තිබූ බීර බෝතල් දෙකක් එම නිවෙසේම වෙසෙන තම වයෝවෘද්ධ දෙමාපියන් විසින් අරිෂ්ඨ බෝතලයැයි සිතා දින කීපයක් තිස්සේ බෙදාහදාගෙන පානය කිරීමේ සිද්ධියක් වියලුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සේවකයෙකි. ඉදිරි දින කිහිපයේදී එළැඹෙන ඇඳිරි නීති සමයේදී නිවෙසට කොටුවී සිටීමට සිදුවන බව අත්දැකීමෙන්ම දන්නා ඔහු ඊට කල්තබාම සූදානම් වූයේ නගරයේ මත්පැන් හලෙන් බීර බෝතල් දෙකක් රැගෙනවිත් එය සිය නිවසේ ශීතකරණයේ ගබඩා කර තැබීමෙනි.
ඇඳිරි නීතිය දා උදෑසනම වෙනදාටත් පෙර සිය දෛනික කටයුතු නිමා කළ හෙතෙම බීර බෝතල් දෙක පානය කිරීම සඳහා අවශ්‍ය කටගැස්ම ඇතුළු අඩුමකුඩුම සියල්ල සූදානම් කරගෙන අසල්වැසි නිවැසියාටද ආරාධනා කළේ කලෙක සිට පවත්නා මිතුදම තව තවත් වර්ධනය කර ගැනීමේ අදිටනෙනි.
ඒ වෙනුවන් මිදුලේ නිසංසල ස්ථානයක් සකස් කළ හෙතෙම මිතුරාට එහි වාඩි වීමට සලස්වා නිවෙසට ගොඩ වූයේ ශීතකරණයේ තිබූ බීර බෝතල් දෙක රැගෙන එන බව පවසමිනි.
එහෙත් ඒ වන විටත් ශීතකරණයේ තිබූ බීර බෝතල් දෙක අතුරුදන්ව තිබිණි.
නිවසේ ස්ථාන කීපයකම ඒ පිළිබඳව සොයා බැලුවද එය සොයා ගන්නට නොලැබුණු තැන ඔහු ඒ පිළිබඳව සිය බිරිඳගෙන් ද විමසා සිටියේ ඇතැම් විට ඇය ඒවා සඟවා තබන්නට ඇතැයි සිතමිනි.
එහෙත් බිරිඳ ද ඒ පිළිබඳව නොදත්තාය. බීර බෝතල් සෙවීමට ඇයද සැමියාට එකතු වූයේ සැබැවින්ම ඊට සිදු වූයේ කුමක්දැයි ඇයටද අගක්මුලක් නොතේරුණ නිසාය.
අවසානයේ දී අඩක් බැගින් හිස් කළ බීර බෝතල් දෙක සිය වයෝවෘද්ධ මවත් පියාත් වෙසෙන කාමරයෙන් සොයා ගන්නට ඔවුන්ට හැකි වූයේ ඔවුන් ද අන්දමන්ද කරමිනි.
බීර බෝතල් අඩක් හිස් වූයේ කෙසේදැයි සොයා බලද්දී වෙවුලන හඬින් යුතුව ඔවුන් පවසා ඇත්තේ අනේ පුතේ අපි හිතුවේ ඒවා අපට ගෙනාව අරිෂ්ට බෝතල් දෙකක් කියලා. පුතාට ඒව දෙන්න අමතක වෙන්න ඇති කියලත් හිතුවා. අපි දෙන්නා පහුගිය දවස්වලම ඒ දෙක බෙදාගෙන උදේ හවස ටික ටික බිව්වා. ඒක බොන්න පටන් ගත්තට පස්සේ තිබ්බ අමාරුකම් ටිකත් අඩු වුණා යනුවෙනි.
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුතා පරෙස්සමට හැංගූ බීර බෝතලේ වියපත් මවුපියන් බේතක් කියා බීලා
ravi Friday, 05 June 2020 05:10 AM
දැන් මේ වයසට යන එකත් " හිඟන්නාගේ තුවාලේ " වගේ ... !