(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
රජයෙන් ලබා දුන් රුපියල් 5000 සහන දීමනාව ලබාගෙන නගරයේ බාර් එකට ගිය පුද්ගලයකු මුහුණ දුන් අපූරු සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.

දෙවැනි වටයේ රුපියල් 5000 සහන දීමනාවද ජනතාවට හිමිවිය. මෙය ලබාගත් එක්තරා පුද්ගලයකු නිවසට අවැසි බඩු ගෙන ඒමට නගරයට යෑමට සැරසුණි. මොහු මත්පැන් පානයට ගිජු අයෙකු නිසා බිරිඳ ගෙදරට අවැසි හාල් සිල්ලර බඩු තුන්ඩුවක්ද ලියා සැමියා අතට දුන්නේ ගෙදර අගහිඟකම් ගැන සුසුමක්ද හෙලමිනි. අද නම් බොන්න එපා හොඳේ. බිරිඳ සැමියාට මහත් කරුණාවෙන් කීවාය.
‘‘නෑ.... නෑ.... එහෙම කරන්නේ නෑ.’’ සැමියා එලෙස පැවසුවේ බිරිඳ අස්වසමිනි.
නගරයට ගිය සැමියාගේ නෙත ගැටුණේ දිගු පෝලිමක් සහිත බාර් එකය. ඔහුගේ දෙපා ඒ දෙසට ඇදුනේ ඔහු නොදැනුවත්මය. එකිනෙකා අරක්කු බෝතල් රැගෙන යන අයුරු මොහුගේ නෙත ගැටුණි. පෝලිමේ සිටි මිතුරකු අරක්කු බෝතල් දෙකක්ද රැගෙන ඔහු ළඟ නතර විය. ‘‘පන්දාහ ගත්තා. බෝතල් දෙකක්ම ගත්තා. ආයේ ගන්න නෙමෙයිනේ.’’ මිතුරා සිනා සෙමින් කීවේය.
සැමියාට බිරිඳ කී දේ අමතක විය. ඔහුද මිතුරා අනුගමනය කරමින් අරක්කු මිලට ගත්තේය. ඉන්පසු බිරිඳගේ බඩු තුන්ඩුව සිහිපත්විය. ‘‘දැන් මට ගෙදර යන්න නම් බැරි වෙයි. මොකද කරන්නේ’’ සැමියා කල්පනා කරමින් මගට බැස්සේය. ගෙදර ගිය විට බිරිඳගේ ගෝරනාඩුව ඔහුට යළි යළි සිහිපත් විය. එයට පිළිතුරක් ලෙස සැමියා ඉතිරි මුදලට වස බෝතලයක්ද මිලට ගත්තේය.
රෑබෝ වී නිවසට එන සැමියා දුටු බිරිඳට යකා වැහුණි. ‘‘මිනිහෝ මොනවද මේ කළේ. මේ ළමයි බඩගින්නේ.’’ බිරිඳගේ ගෝරනාඩුව පටන් ගැණිනි.
කිසිත් නොකියා කාමරයට වැදුන සැමියා සිත් සේ මත්පැන් පානය කරන්නට විය. බිරිඳගේ ගෝරනාඩුව එන්න එන්නම දරුණු විය. මත්පැන් බී අවසන් වූ සැමියා තමා ගෙනා වස බෝතලය ඇඟ පුරා හලාගෙන වස බිව් ලෙස රඟපෑවේය. බියට පත් බිරිඳ අසල්වාසින් සමග එක්ව සැමියා රෝහල් ගත කළාය.
පසුදින රෝහල් ඇඳ මත සිට සැමියා බිරිඳ පැමිණේදැයි කල්පනා කරමින් සිටියේය. බිරිඳ අවශ්‍ය බඩු බාහිරාදිය ද රැගෙන රෝහලට එනු දුටු සැමියා තමාට අමාරු බව අඟවමින් ඇඳේ වැතිර සිටියේලු. ‘‘ඔයාට අමාරුද?’’ බිරිඳ මහත් කරුණාවෙන් සැමියාගෙන් අසා ඇත. ‘‘එහෙනම් මම දිනුම්’’ සැමියා තමාටම කියා ගත්තේ බිරිඳ කඳුළු පිසිමින් ආපසු යන අයුරු දැකීමෙනි.
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
පන්දාහෙන් සූර්වී බිරිඳගෙන් ගැලවෙන්න ‘මාර සූත්තරයක්’ දාලා
Pradeep Saturday, 06 June 2020 10:01 AM
මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ.. තමන්ගේ දරුපවුල බඩගින්නේ ඉන්නකොට ඒ සියල්ල අමතක කරලා ඔවුන්ට කන්න දෙයක් ගන්න තියන සල්ලිවලින් බොන්න පුළුවන් නම් මේ වගේ අයට තව මොන ජඩවැඩේද කරන්න බැරි..?
dinesha Saturday, 06 June 2020 02:24 PM
මොන කාලකන්නියෙක්ද?
BANDARA Monday, 08 June 2020 06:53 AM
හිස් ජිවිත ...!