IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇඳිරිය අස්සේ ගොවි වෙසින් ආ ටියුෂන් ගුරු ‘හොරෙක්’ වෙලා

(ඌරගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී ගොවියකු ලෙස වෙස් වලාගෙන අයියාට පන්ති පැවැත්වීමට පැමිණි ගුරුවරයාට බියවී මල්ලි කෑගැසීම නිසා වට වූ අසල්වාසීන් ඉදිරියේ අසරණ වූ ගුරුවරයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ එක්තරා ග්‍රාමයකින් වාර්තා විය.


පාසල් නිවාඩුව දීර්ඝවීමත් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමත් මාස කිහිපයකින් පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටීමට නියමිත සිසුවකුගේ මව උපකාරක පන්ති ගුරුවරයා සමඟ පන්ති පැවැත්වීමට ක්‍රමයක් සැලසුම් කළාය.


ඇඳිරි නීති රෙගුලාසි යටතේ මාර්ගයේ ගමන් කළ හැකිව තිබුණේ කෘෂි කාර්මික කටයුතුවල නිරත වන්නන්ට හා අවසරලත් සේවා සපයන ව්‍යාපාරිකයන්ට පමණි. “හරි මම එහෙනම් කුඹුරු වැඩ කරන කෙනෙක් වගේ ඇඳගෙන එන්නම්. මම ඇවිත් ඇඳුම් මාරු කරගන්නම්” යැයි ගුරුවරයා සිසුවාගේ මවට කීවේය.


බාල පුතා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ඇර තිබූ ගේට්ටුවෙන් ලේන්සුවකින් මුහුණ ආවරණය කරගත් නාඳුනන පුද්ගලයෙකු යතුරු පැදියකින් වේගයෙන් පැමිණ නිවෙස පිටුපසට ගියේය. බියට පත්වූ දරුවා “අම්මේ හොරෙක් ආවෝ” කියමින් විලාප තියන්නට වූහ.
කුස්සියේ ආහාර පිසිමින් සිටි මව එළියට ඇවිත් බලන විටත් දරුවාගේ කෑගැසීම ඇසී අසල්වාසී නිවැසියන් තුන් හතර දෙනෙක් පැමිණ සිටියහ.


දරුවා බියට පත්ව ඇත්තේ උදැල්ලක් යතුරු පැදියේ ගැට ගසාගෙන ගොවියෙකු සේ වෙස් වලාගෙන පැමිණ සිටි උපකාරක පන්ති ගුරුවරයාට බව දැනගත් අසල්වැසියෝ ආපසු ගියහ.


“වස නෝන්ඩියක් වුණේ” යැයි කියමින් ගුරුවරයා යතුරු පැදියට නැගී “කවුරු හරි පොලීසියට කෝල් එකක් දුන්නොත් අපි දෙගොල්ලම ඉවරයි” යැයි කියමින් ගියා මිස පන්ති පවත්වන්න පැත්ත පළාතේ ආවේ නැති බව කියති.



අදහස් (0)

ඇඳිරිය අස්සේ ගොවි වෙසින් ආ ටියුෂන් ගුරු ‘හොරෙක්’ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site