(වියලුව වාර්තාකරු)
ඇඳිරි නීතිය පැවැති වෙලාවේ ගමේ කසිප්පු තිප්පොළට යෑම සඳහා යෙදූ අපූරු උප්පරවැට්ටියකි.
සිද්ධිය මෙසේය.
ඔහු මතට තදින් ලොල් වූ පුද්ගලයෙකි.
කොරෝනා උවදුර පැතිරයාමේ අවදානමත් සමඟ මත් පැන්හල් වසා දැමීම හේතුවෙන් ඔහු ගමේ කසිප්පු තිප්පොළට යොමු වූයේ යකඩ කැබැල්ලක් කරා ඇදෙන කාන්දමක් පරිද්දෙනි.
එහෙත් විටින් විට පනවන ඇඳිරි නීතිය දැඩි බාධාවක් බවට පත්වූයේ කසිප්පු තිප්පොළ වෙත යෑමට නම් නගරයේ පොලිස් මුරපොළ අනිවාර්යෙන්ම පසුකර යා යුතු නිසාවෙනි.
කල්පනා කරමින් සිටි ඔහුට පහළ වූයේ අපූරු නුවණකි.
දෙවරක් නොසිතූ හෙතෙම දින කීපයකට පෙර තම වගාව සඳහා සහනාධාර ලෙස ලැබුණු කිලෝ ග්‍රෑම් 50 ක් බර පොහොර මිටිය කර තබාගෙන නිවසින් පිටවූයේ සිය බිරිඳගේ ද ඇසට වැලි ගසමිනි.
පොහොර මිටිය කර තබාගෙන ගොවිපොළට යන පරිද්දෙන් පොලිස් මුරපොළ හරහා කිසිදු බාධාවකින් තොරව කසිප්පු තිත්පොළ වෙත ළඟා වූ හෙතෙම සිය කටයුත්ත හමාර කර යළිත් පොහොර මිටිය කර තබාගෙන නිවසට පැමිණියේ ජයග්‍රාහි ලීලාවෙනි.
සැමියාද සමග නිවසේ තිබී අතුරුදහන්වූ පොහොර මිටිය ගැන විමසිල්ලෙන් සිටි බිරිඳ එය කරබාගෙන සිය නිවසට පැමිණෙන සැමියා දැක ‘‘මේ ඇඳිරි නීතිය වෙලාවේ පොහොර මිටියක් කරේ තියාගෙන එහෙ මෙහෙ යන්න තමුසෙට පිස්සුදැයි’’ අසා සිටියේ දරුවන්ද සිනා ගස්සමිනි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අපූරු උප්පරවැට්ටිය ගැන දැනගත් බිරිඳ දරුවන් පමණක් නොව අසල්වැසියන් ද තවමත් සිනහ වෙනවාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජය ගිලගන්නා මේ මත් උවදුර වලකන්න කවදා නම් නිසි පියවර ගනියිද අපේ පාලකයින්. සමහර දුගී පවුල් වල සමස්ථ ආර්ථිකයම කඩා වැටිලා මේ නිසා. අරක්කු ටිකක් බොන්න මේ තියන උනන්දුව තමන්ගේ ආර්ථිකය නංවා ගන්න තිබුනේ නම්...
ඔය කසිප්පු ගහන විවිධ දේවල් තියනවා ... හැබැයි මේ , පොහොර මිටියක් කරෙ තියාගෙන කසිප්පු ගහන එකට කියන්නේ .. "" බරපතල වැඩ ඇතිව "" කසිප්පු ගහනවා කියලයි .. !