IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පරණ සෙරෙප්පුවට මඟුල කැඩිලා

(හාරිස්පත්තුවේ  මොහොමඩ් ආසික්)
විවාහ යෝජනාවක් ස්ථිර කර ගැනීම සඳහා මනමාලයාගේ ඥාතීන් මනමාලියගේ නිවෙසට එන අවස්ථාවේ නිවෙසේ ප්‍රධාන දොරකඩ අසල තිබූ  පැරැණි සෙරෙප්පු ජෝඩුවක් නිසා එම විවාහය කැඩී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මනයක පදිංචි තරුණියකට පිටස්තර ගම්මානයක තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත්ව තිබිණ. මෙය යෝජනාවක් වූ බැවින් පවුලේ වැඩිහිටියන් කිහිප වරක්ම මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර දෙපැත්තේම ඥාතීහු මෙම විවාහයට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. කෙසේ නමුත් නිල වශයෙන් විවාහය ස්ථිර කර ගෙන විවාහය සිදු කරන දින වකවානු තීන්දු කර ගැනීමට මනමාලයාගේ ඥාතීහු මනමාලියගේ නිවෙසට පැමිණියහ. පිරිස අතර මනමාලියගේ මවගේ මවද වූවාය.

ඇය පැරැණි චාරිත්‍රවලට වැඩි සැලකිල්ලක් දැක්වූ වයෝවෘද්ධ කාන්තාවක බැවින් මනමාලියගේ නිවෙසට ඇතුළු වීමට පෙර නිවෙස අවට සැලකිල්ලෙන් බැලු‍වාය. එහිදි  එක් වරම ඇයගේ නෙත ගැටුණේ නිවෙසට ඇතුළු වන ප්‍රධාන දොරකඩ පැරැණි සෙරෙප්පු ජෝඩුවක් ගලවා දමා තිබූ අයුරුයි. 


පැරැණි චාරිත්‍ර අනුව මෙය මෙම විවාහයට මනමාලියගේ ඥාතීන් අකැමැති නිසා මෙලෙස සිදු කරන්නට ඇති බව සිතූ ඇය අනෙක් අයටද කරුණු වටහා දී මෙම විවාහය සිදු නොවන බව පවසමින් එම නිවෙසට ඇතුළු නොවීම ආපසු හැරී ගියාය. 


කෙසේ නමුත් මනමාලයාගේ ඥාතීන් නික්ම ගිය පසු මෙම පැරැණි සෙරෙප්පු ජෝඩුව මෙම ස්ථානයට පැමිණි අයුරු සොයා බැලීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ එම නිවෙසට රසකැවිලි ගෙනා කාන්තාවක එම සෙරෙප්පු ජෝඩුව දමා ගෙන විත් දොර කඩ අසල ගලවා තබා නිවස තුළට ගොස් තිබූ බවයි.



අදහස් (2)

පරණ සෙරෙප්පුවට මඟුල කැඩිලා

maalaka Tuesday, 12 May 2020 01:41 AM

නුවුවමනා හණමිටි අදහස් කරපින්නාගෙන යන්නා, සැමදා පිරිහේ. එවැනි අය සමග එක්වීම සුදුසු නැත...

:       0       0

Pradeep Tuesday, 12 May 2020 02:41 PM

මේ වගේ හණමිටි අදහස් ඇති අය සිටින පව්ලක කෙනෙක් සමග විවාහ නොවන එකමයි හොඳ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site