IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරකමේ ගිහින් අන්තිමේ ගෑනු හුටපටේකටත් අහුවෙලා

(නිකවැරටිය  ප්‍රියාණි මංගලිකා)
සෞඛ්‍යා රක්ෂක ක්‍රම අනුගමනය කරමින් සොරකමේ ගිය සොරකු පොලිසියට කොටුවී වෙනත් චෝදනාවකට පොලිසියේ ලැගීමට වූ පුවතක් කුරුණෑගල  දිසාවෙන් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය.


රට තුළ පවතින තත්ත්වය අනුව ජනතාව විවිධ අගහිඟකම්වලට මුහුණ දෙමින් සිටින අවධියක සොරකමේ ගිය මෙම පුද්ගලයාටද  ගෙදර අගහිඟකම් ඇතිවිය. රජයෙන් ලැබුණ රුපියල් පන්දාහේ දීමනා වියදම් වී අවසානය. 
උයන්න පොල් නැතැයි  බිරිඳ රාත්‍රියේ  කෑගැසුවාය. අසල්වැසි නිවසක කුස්සිය පිටුපස පොල් ගොඩක් තිබූ බව මොහුට සිහිපත් විය. 


දෑත් සෝදා මුඛ ආවරණ පැළඳ රෙද්දක්ද පොරවාගෙන අඳුරේම නිවස වටා කැරකී පොල් ගෙඩි දෙකක්ද රැගෙන ඔහු ආපසු නිවෙසට පැමිණියේය. වැඩේ සාර්ථක බව වැටහිණි. ඔහු එය දින කීපයක්ම කළේය. 
එයින් පසුවද පෙර ලෙස සෞඛ්‍යරක්ෂිතව සැරසී මොහු එම නිවෙස වටා දින කීපයක්ම ගැවසී  කල්යල් බලා ඇත. නිවසේ සැමියා විදේශ ගතව බිරිය සහ දරුවා පමණක්  නිවසේ සිට ඇත. එම කාන්තාවටද  දින කීපයක් කිසිවකු නිවෙස වටා ගැවසෙනු දැනී අය මේ බව පොලිසියටද පැමිණිලි කර තිබිණි. 


මෙදින ද මෙසේ නිවෙස අසල සැරිසරමින් සිටි පුද්ගලයා පොලිසියට කොටුවිය. නිවැසි කාන්තාව කියා ඇත්තේ මෙලෙස සෞඛ්‍යාරක්ෂිත ලෙස පැමිණ ඇත්තේ සොරකමකට නොව තමාට අතවරයක් කිරීමට විය හැකි බවයි.


මේ නිසා ඔහු නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන්නා පමණක් නොව දවස් ගණනාවක් කූඩුවේ ළගින්නට සිදුවිය.



අදහස් (2)

හොරකමේ ගිහින් අන්තිමේ ගෑනු හුටපටේකටත් අහුවෙලා

JAYANTHA Monday, 18 May 2020 04:50 PM

ඇත්ත නේන්නම් පොල් විතරක් අරන් ගියාට තරහ යන්නැති

:       3       9

BANDARA Monday, 18 May 2020 04:57 PM

ඔච්චර ආරක්ෂා විදියට ඇවිත් පොල් විතරක් අහුලන් ගියා ඒක නිසා තමයි මම බොරුවට පොලිසි ගියේ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site