IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිළවකු කළ වැඩෙන් පොලිස් රථවාහන අංශ නිලධාරින්ට තරු පෙනිලා

(හොරොව්පොතාන - පැතුම් දර්ශන)
යතුරුපැදිය උඩ තබා තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රිළවකු රැගෙන යාම නිසා දැඩි අසීරුතාවට පත් වූ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු පිළිබඳ පුවතකි මේ.


සිද්ධිය මෙසේය.


 අනුරපුර අවට පොලිසියක රථවාහන අංශයේ රාජකාරි කළ මෙම නිලධාරීන් දෙදෙනා සුපුරුදු පරිදි සිය රාජකාරි සඳහා පිටව ගොස් ඇත්තේ රථවාහන නඩු ලබාගැනීම සඳහාය. වෙනදා මෙන් එදිනද දැඩි හිරු රශ්මිය පතිත වූ දිනයක් නිසා මාර්ගය අසල පිහිටි ගසක් යට සිය යතුරුපැදිය නැවැත්වූ ඔවුන් රාජකාරි ආරම්භ කොට පැයක් පමණ ගත විය.


 ‘‘මහත්තයා එන්න තේ එකක් බොන්න දැන් ගොඩක් වෙලා නේද ඔතන හිටගෙන’’අසල පිහිටි පෙට්ටි කඩේ හිමිකරුගෙන් ලැබුණේ අරාධනාවකි. ලද ආරාධනාවෙන් කඩේට ගොඩ වූ එක් නිලධාරියකු පැවසුවේ ‘‘අද උදේට වත් කන්න බැරි වුණා. තේ එකක් බොන්නමයි හිටියේ’’ කියාය.


 තිදෙනාම කතාවට වැටිණි. වී සහ බඩ ඉරිඟු වල මිල ගණන්, තමන් කළ වගාවන් වලින් ලැබූ ලාභ සහ පාඩු මාතෘකා බවට  පත්විය. තේ එක බී කතාව නිමකොට  යතුරුපැදි අසලට පැමිණි නිලධාරීන් දෙදෙනාට දුටු  දෙයින් දෙයියෝ බුදුන් සිහිවිය. අසල ගසේ සිටි රිළවෙකු යතුරුපැදිය උඩ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රැගෙන ගොස් ගස උඩට වී එහෙට මෙහෙට පෙරළයි. කටින් හපාගෙන අත්තෙන් අත්තට පනියි. 


කළ හැකි දෙයක් නොතිබිණි. මාර්ගයේ යන එන යතුරුපැදි හා වාහන නැවතිණි. 


‘‘නෑ නෑ මල්ලි දඩ කොළයක් දෙන්න නෙවෙයි. අපිට ලොකු කරදරයක්  වෙලා. අපේ දඩ පොත මේ රිළවෙක් අරන් ගිහිල්ලා ගහ උඩට නැගලා අනේ පින් සිද්ධවෙයි කොහොම හරි මේ පොත අරගෙන දෙන්න.’’


ඉල්ලීම් සහ ආයාචනා මැද බොහෝ දෙනකු ඉදිරිපත් වී ඇතත් දැනගන්නට ඇත්තේ පැය ගණනාවක් යනතුරු රිළවා පොත බිම හෙළා නොමැති බවය. 

 



අදහස් (0)

රිළවකු කළ වැඩෙන් පොලිස් රථවාහන අංශ නිලධාරින්ට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site