IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින්

(වියලු‍ව වාර්තාකරු)
මංගල සාදයකට ගොස් හොඳ හැටි පදම්වී ආපසු එන ගමනේදී තමුන්ට වෙට්ටු දැමූ යතුරුපැදිකරුවෙකු හඹාගෙන ගමනාන්තයටත් එහා කිලෝමීටර් විස්සක් පමණ ගමන් කර කුලී රථයකට  වැඩිපුර කුලී මුදලක් ගෙවූ පිරිසක් පිළිබඳ පුවතකි මේ.


සිද්ධිය මෙසේය.


ඔවුහු එක්තරා ආයතනයක සේවක පිරිසකි.


 මංගල සාදයකට ඇරයුම් ලැබූ ඔවුන් ඒ වෙනුවෙන් කුලී රථයක් ද වෙන්කර ගත්තේ පදම ඉක්මවා මත්පැන් පානය කළ පසු වාහන පැදවීම නුවණට හුරු නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.


 මංගල සාදයේ අවසන් හෝරාව තෙක්ම රැඳී සිටි පිරිස ආපසු ගමනාන්තය බලා පිටත් වනවිට  මැදියම් රැය ද ඉක්ම ගොස් තිබිණි.


 ඔවුන් ගමන්ගත් වාහනය ඉදිරියෙන් කීපවිටක් එහා මෙහා ගමන්ගත් යතුරුපැදියක නැගුණු තරුණයින් දෙදෙනෙකු වෑන් රථයට වෙට්ටු දමමින් ගමන් කළේ ඔවුන්ගේ තරුණකම ප්‍රදර්ශනය කරමිනි.


 සිද්ධියෙන් කෝපාවිෂ්ඨ වූ  වෑන් රථයේ ගමන් ගත් පිරිස ද ඊට එකට එක කිරීමක් ලෙස තරුණයින් දෙදෙනා ගමන් ගන්නා යතුරුපැදිය පසුපසින් හඹා ගොස් ඔවුන්ට පාඩමක් උගන්වන ලෙස රියැදුරාට බලකර සිටියේ සෙසු පිරිසගේ ද සහයෝගය ලබා ගනිමිනි.


 පසුපසින් එන වෑන් රථය  දුටු තරුණයින් දෙදෙනා ද පවනට බඳු වේගයෙන් සිය යතුරුපැදිය ධාවනය කළේ පිරිසට අසු වුවහොත් හොඳ කෑමක් ලැබේ යැයි සිතූ නිසාය.


 උත්සාහය අත් නොහළ වෑන් රථයේ පිරිස ද යතුරුපැදිකරු පසුපස පන්නන ලෙස එහි රියදුරාට උපදෙස් දුන්නේ ‘‘හයර් එක අපි බලා ගන්නනම්’’ යැයි පවසමිනි.


අතිශයින් වංගු සහිත වූ අබලන් මාර්ගයේ යතුරුපැදිය සමඟ ගමන් කිරීම වෑන් රථයේ රියැදුරාට ලෙහෙසි පහසු කාර්යයක් නොවිණි.  


යතුරුපැදිය පසුපසින් හඹා ආ පිරිස ඒ වනවිටත් ගමනාන්තය පසුකොට කිලෝමීටර් 20 ක පමණ දුරක් පැමිණි තිබූ අතර අතුරු මාර්ගයකට හැරවූ යතුරුපැදිය ද අතුරුදන්ව තිබිණි.


 අවසානයේ වෑන් රථයේ පැමිණි පිරිස මාර්ගය අසල වූ රාත්‍රී තේ කඩයකින් තේ පානය කොට අමතරව රුපියල් 4000 ක පමණ මුදලක් වියදම් කොට වෑන් රථය හරවාගෙන යළි නිවෙස් වෙත පැමිණියේ වෑන් රථයේ රියැදුරාට ද දෙස් දෙවොල් තබමිනි.



අදහස් (1)

මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින්

Pradeep Wednesday, 19 February 2020 01:41 PM

ලංකාවෙනෙ... බේබද්දොනේ.. බිපුවාම චන්ඩි නේ.. තවත් මොනවද ඉතින්..

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site