(වියලුව වාර්තාකරු)
රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසකගේ ටයි කෝට් ගැලවූ තේ කඩ හිමියකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු එක්තරා රාජ්‍ය ආයතනයක සැලකිය යුතු මට්ටමේ රැකියාවක නිරත වූ පිරිසකි.
දුර බැහැර ප්‍රදේශයක පැවැති මංගල සාදයකට ආරාධනා ලැබූ ඔවුන් ටයි කෝට්වලින් සැරසී කුලී වාහනයකින් උදෑසනම ගමන් ආරම්භ කළේ ඒ සඳහා බොහෝ දුරක් යා යුතුව තිබූ හෙයිනි.
මඳ දුරක් ගිය ඔවුන් ගමන් ගත් වාහනය තේ කඩයක් අසල නවතන ලෙස සංඥා කළේ තේ කෝප්පයක් පානය කොට යළි ගමන් ඇරඹීමට කතිකා කර ගනිමිනි.
වෙළෙඳසලට ගොඩවූ ටයි කෝට් හැඳ ගත් පිරිසට වෙළෙඳසල් හිමියා මෙන්ම ගෝලයන් ඉහළම අයුරින් සැලකීමට වග බලා ගත්තේ ඔවුන්ට යම් ගෞරවයක් ලබා දෙමිනි.
ඔවුනගේ තරාතිරමට ගැළපෙන අයුරින්ම තේ සකස් කළ වේටර් කොලුවා උණුවතුරින් අඩක් පිරවූ පීරිසි කෝප්ප, තේ බෑග් සහ සීනි වෙන් වෙන්ව ගෙනවිත් පිළිගැන්වූයේ වෙළෙඳසැල් හිමියා දුන් උපදෙස් අකුරටම අනුගමනය කරමිනි.
ටයි කෝට් හැඳ පැළඳ සිටිය ද පුරුදු ගති මතු වූ පිරිසේ එක් අයකු වේටර් කොලුවා කැඳවා ඔහුට තර්ජනය කළේ මේ තේ ටික උගුර තෙමා ගන්නවත් මදි යැයි ගෝරනාඩුවක් ද කරමිනි.
කලබලය ඇසී එතැනට පැමිණි වෙළෙඳසල් හිමියා මේ මහත්තුරුන්ට නාටාමි කෝප්පවලට තේ අටක් දාල දීපන් යැයි තරමක් උස වීදුරු කීපයක් දිගු කරමින් ඇඟට පතට නොදැනී කියා සිටියේ වෙළෙඳසලට පැමිණ සිටි සෙසු පිරිස් ද සිනහ ගන්වමිනි.
සාමාන්‍ය තේ දෙකක් පමණ අල්ලන වීදුරු භාජන කීපයකින් යළි තේ සප්පායම් වූ පිරිස බිල ගෙවා දමා හෙමින් සීරුවේ පැමිණි වාහනයට ගොඩ වූයේ ‘තෝ අපේ ටයි කෝට් ගැලෙව්වා‘ යැයි සිය සගයාට පවසමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එක්කෙනෙක් කට වරද්දාගෙන අට දෙනකුගේ රෙදි ගැලවිලා