IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩෙංගු මර්දනයට ගිය සැමියාට බිරියගෙන් කොසු පහර

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ඩෙංගු මර්දන වැඩසටහන් වලට යැයි නිවසින් බැහැර ගොස් වසා ඇති කාර්යාලයේ අනියම් පෙම්වතිය සමග පෙම්සුව විඳිමින් සිටි සැමියකුට බිරිය කොස්සක් කැඩෙනතෙක් පහර දීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා විය.


සති අන්තවල සහ සවස් කාලයේ සිය ආයතනයේම කාලය ගත කිරීමට මෙහි වැඩබලන ප්‍රධානියා ප්‍රිය කළේය. එයට හේතුව වී ඇත්තේ ඔහුගේ නියෝජ්‍ය පාලකවරිය වන දැකුම්කළු කාන්තාවද එම දිනවල සේවය කරන නිසයි. 


නිවාඩු දිනවලදී සහ සවස් කාලයේදී ආයතනය තුළ නිතරම ගැවසෙන මෙම දෙදෙනා පිළිබඳව ප්‍රදේශවාසීන්ට සැකයක් ඇතිවී එක් දිනක් සවස් කාලයේ ඒ පිළිබඳව විපරම්කිරීමේදී දෙදෙනා කාර්යාලය තුළ පෙම්සුව විඳිමින් සිටින අයුරු දැක තිබේ. සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් ප්‍රධානියාගේ බිරිඳට එම ආරංචිය ලබාදී ඇති අතර ඇය ක්ෂණිකව එම ස්ථානයට පැමිණ තිබේ. සැමියාගේ කාර්යාලයට ඇතුළුවන විට දුටු දර්ශනයෙන් කෝප වූ බිරිද අසල තිබූ කොස්සක් ගෙන දෙදෙනාටම පහර දී ඇති අතර කාන්තාව කාර්යාලයෙන් එළියට පැන ප්‍රදේශවාසීන්ගේ හූ හඬ මැද ස්කූටරයේ නැගී පලාගොස් ඇති අතර බිරිඳද යතුරු පැදියේ නංවාගෙන සැමියා ද පිටව ගොස් තිබේ.


සිද්ධිය වසන් කර ගැනීමට දෙදෙනාම උත්සාහ ගත්තද ප්‍රධාන කාර්යාලයට සිද්ධිය සැලවීම නිසා ආයතන ප්‍රධානියා සාමාන්‍ය නිලධාරියෙකු ලෙස තනතුරේ පහළට දමා නගරයේ වෙනත් ස්ථානයකට මාරුකිරීම නිසා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරීමට වැඩි කාලයක් ගතනොවීය. 



අදහස් (0)

ඩෙංගු මර්දනයට ගිය සැමියාට බිරියගෙන් කොසු පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site