(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිත්තණියගේ වැඩිහිටි දීමනාව ලබාදීම ප්‍රමාද කළැයි ග්‍රාම නිලධාරිනියකට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ බව කියන මිනිපිරියක පෙරේදා (6) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

මීරිගම හල්පේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමකි. වැඩිහිටි දීමනාව ගෙවීම සිදුවුණේ අදියර කිහිපයක් යටතේය. පළමු හා දෙවැනි අදියර අවසන්ය. ග්‍රාම නිලධාරිනිය තෙවැනි අදියර යටතේ වැඩිහිටි දීමනාව ගෙවීමට පෙරේදා 6 වැනිදා සවස නිවෙසකට ගියාය. වැඩිහිටි මව මුදල ලබාගැනීමට ඉදිරියට එද්දී ගමේ අනෙක් අයට කලින් මිත්තනියගේ මුදල් ගෙනවිත් නොදුන් බව කියමින් ඇගේ මිනිපිරිය ග්‍රාම නිලධාරිනියට දොස් කියන්නට වූවාය.
ඇගේ දොස් පරොස් කීමට පරුෂ වචන ද එක්වූයේ මේ අතරය. මිත්තනියට පළමු අදියරේදී මුදල් නොගෙව්වැයි ඇගේ චෝදනාව විය. එහෙත් පිළිවෙළක් මත මේ කටයුතු කරන බව පිළිගැනීමට මිනිපිරිය අකමැතිවූවාය.
අන්තිමේ ග්‍රාම නිලධාරිනියට තීරණයක් ගැනීමට සිදුවිය. ඒ අනුව තමන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල පොලිසියේ සටහන් විය.
අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර මිනිපිරිය අත්අඩංගුවට ගත්තේය. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආච්චි වෙනුවෙන් කතාවට ගිය මිනිපිරිය පොලිස් කූඩුවේ
Walter White Wednesday, 08 April 2020 04:24 AM
මිනිස්සු ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, ඒ නිසයි නිතරම බැන වැදීම් ගුටි ගැන අහන්න ලැබෙන්නේ, එත් සමහරු ඉන්නවා ළමා මානසිකත්වය තියෙන, හැමදේම කලින් ඕන, හොඳම දේ ඕන පලවෙනි තැන ඕන ඔවුන් තරම් ලොක්කෝ තව කොහෙවත් නැහැ ඔහොම හිතාගෙන ඉන්න උදවිය, ඔවුන් සාමාන්‍ය කාල වකවානුවක වුනත් හරක් වගෙයි හැසිරෙන්නේ, ඔවුන්ට කෝපය පාලනය කරගන්න බෑ, ඉවසීමක් නැහැ ප්‍රශ්නයේ අනිත් පැත්ත තේරුම් ගන්න බැහැ, අහක යන ප්‍රශ්න කරේ දාගෙන පිස්සු නටනවා. අනන්තවත් ට්‍රෙන් එකේ යද්දී මම ඔහොම හරක් වගේ හැසිරෙන මිනිස්සු දැකල තියෙනවා, සමහරු ඉන්නවා මොනවා වුනත් තමන්ගේ තත්වය බාල්දු කරගන්නේ නැති, අනිත් උන් නීති කඩාගෙන ගියත් ඒවායින් හෙලවෙන්නේ නැතිව හරි විදියට වැඩේ කරන නියම මහත්වරු සහ මැතිණියන්, අන්න ඒ වගේ මිනිස්සු නිසයි මේ රට මේ තරමින් හරි තියෙන්නේ. එහෙම හැසිරෙන්න මහා විසාල උගත්කමක් සල්ලි තියෙන්න ඕන නැහැ තමන්ම හිතල වැදගත් විදිහට හැසිරෙන්න.