(කඹුරුගමුව - තරංග ගුණරත්න)
ගාල්ලේ සිට වඳුරඹ දක්වා ධාවනය වූ බසයක දැඩි නින්දක පසුවෙමින් ගමන් ගත් තරුණයෙක් බසය ගිනි ගන්නවා යැයි එකවර මහා හයියෙන් කෑ ගැසීම නිසා බසයේ ගමන් ගත් පිරිස බියට පත්වීමේ පුවතක් වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
මාතර පෙදෙසෙහි පිහිටි තරුණයන් පමණක් සේවය කරන එක්තරා පෞද්ගලික ආයතනයක දිවා කාලයේ සේවය හමාර කළ අය නැවත රාත්‍රි නිවෙස් වෙත ගෙනයනු ලබන්නේ බස් රථ මගිනි.
සුපුරුදු පරිදි රාත්‍රි මාතර සිට ගාල්ල වඳුරඹ බලා පිටත්වූ බස් රථයේ එම ආයතනයේ සිට වඳුරඹ බලා ගමන් ගන්නා තරුණ පිරිස පමණක් ගමන් කර ඇති අතර එහිදී එක් තරුණයකු තද නින්දකට වැටී තිබිණි.
ගමන අවසානය ළං වෙන්න ආසන්නව තිබියදී එම තරුණයා බස් එක ගිනි ගන්නවා යැයි නින්දෙන් මර හඬින් ළතෝනි දුන්නේය.
එහිදී බස් රථ රියැදුරු බස් රථය නවතා ඇති අතර එම හඬට බියටපත් අනෙක් තරුණ පිරිස බස් රථයෙන් හනි හනිකට පැන ගැනීමට යද්දී බියට පත් තරුණයාද අනෙකුත් තරුණයන් පෙරළාගෙන බස් රථයෙන් පැන ගැනීමට කටයුතු කර ඇත.
එහිදී එක් තරුණයකු බිමට වැටී තුවාල ලබා තිබිණි. කෙසේ වෙතත් බසයේ ගින්නක් ඇතිවී නොතිබුණි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නින්දේ පසුවූ තරුණයෙක් බස් රියකට ගිනි තියලා