IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් පරීක්ෂණයේදී දුවට අම්මාගේ නම අමතක වෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 පොලිසිය කළ ප්‍රශ්න කිරීමකදී සිය මවගේ නම කියන්නට අපොහොසත්වූ තරුණවිය ඉක්මවූ දියණියක පිළිබඳව පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තාවිය.


මීරිගම රෝහලේදී පැවැත්වුණු පොලිස් පරීක්ෂණයකි. හැට විය ඉක්මවූ කාන්තාවක පැවසුවේ තමන් ගැන සියල්ල දන්නේ දියණිය බවයි. දරු මල්ලන්ද සිටින දියණිය කුරුණෑගල ප්‍රදේශයේ වෙසෙන බවද ඇය කීවාය. ඇයට ඇමතුමක් ගන්නා ලෙස පොලිසිය කළ ඉල්ලීමට කාන්තාව පිළිතුරු දුන්නේ ඇගේ දුරකතනය ක්‍රියාත්මක නොවන බව කියමිනි.


පොලිස් නිලධාරියා ක්‍රියාත්මක විය. දියණියගේ දුරකතන අංකය හා නම විමසීය. එය සටහන් කරගත් ඔහු ඔහුගේ දුරකතනයෙන් එම අංකය ඇමතීය. පිළිතුරු දුන්නේ කාන්තාවකි. පොලිස් නිලධාරියා ඇගේ නම කියා කතා කළේය. අම්මාගේ නම කුමක්දැයි විමසීය. 


මවගේ නම පැවසීම පසෙකලූ දියණිය තෙපර බාන්නට වූවාය. කොයි අම්මාද ඇය විමසුවාය. පොලිස් නිලධාරියා තමන් සමීපයේ සිටින කාන්තාවගේ නමේ කොටසක් ඇයට පැවසීය. ඒ අතරම කාන්තාවගේ දුරකතනය හඬ දුන්නේය. ඇයි දුවේ මගේ නම මෙහෙමනේ කියමින් ඇය පොලිසියට කී නම පැවැසුවාය. ඒ සමගම දියණිය කී කාන්තාව පොලිස් නිලධාරියාට මවගේ නම දුරකතනයෙන් පැවසුවත් සිදුවූ සියල්ල ඔහුට හොඳින් අසා ගැනීමේ අවස්ථාව උදාවූ නිසා කාන්තාව කිසියම් සටකපටකමක් කරන්නට සැරසුණු බවට ඇතිවූ සැකය නිසා පරීක්ෂණ  දිගටම පවත්වාගෙන යාමට පියවර ගනු ලැබීය.



අදහස් (0)

පොලිස් පරීක්ෂණයේදී දුවට අම්මාගේ නම අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site