(ගම්පොළ සුරංග රාජනායක)
කොරෝනා සමග පැමිණි නිරෝධායනය යන වචනය ඇසීමට පවා බොහෝ අය අකමැති වූයේ එම කාර්යයේදී දින 14ක් හෝ 21 ක් හෝ සියලු දෙනාගෙන් වෙන්ව සිටීමට සිදුවීම නිසාය.

එහෙත් 73 හැවිරිදි හා හැත්තෑ හැවිරිදි යුවළක් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් හා පොලිසියෙන් බලෙන්ම නිරෝධායනය ඉල්ලාගෙන නිරෝධායනය වීමට උත්සාහ කිරීමේ රසවත් සිද්ධියක් ගම්පොළ ගලහා පොලිස් වසමෙන් වාර්තා වෙයි.
මෙම යුවළ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය දෙදනකු වන අතර එය වසර 20ක් පැරණි කතාවකි. දෙදෙනාටම වෙන වෙනම වැඩිවියට පත් දරුවෝද සිටිති.
73 හැවිරිදි කාන්තාව ගලහා පල්ලේ දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැමියා මියගොස් දරුවන්ද දීග ගිය හෙයින් ඇය තනිවම නිවසේ සිටින්නීය.
70 හැවිරිදි පිරිමියා පිට ගමක සිට ඉඳ හිට මෙම නිවෙසට පැමිණ දින දෙක තුනක් ගතකර පිටව යාම සිදුකර තිබේ.
මේ අතර කොරෝනා වසංගතය සමග ගම්වාසීන් අවධානයෙන් සිටියේ මෙම ගමට පිටින් කිසිවකු පැමිණීම වැළැක්වීමටය.
ඒ අතර මෙම තැනැත්තා ගමේ මෙම නිවෙසට පැමිණීම දැනගත් ගම්වාසීන් ඒ බව ගලහා පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැන්වූයේ හිතේ බිය දෙගුණ කර පවසමිනි.
නිලධාරීන් නිවෙසට පැමිණෙන විට පිටින් පැමිණි තැනැත්තා සිටි අතර එහිදී නිලධාරීන් අවවාද අනුශාසනා දෙමින් කියා සිටියේ නැවත මෙම නිවසට පිට ප්‍රදේශයක සිට පැමිණෙන්නේ නම් මෙම නිවසේම නිරෝධායනයට ලක් කරන බවය.
එයින් දිරිමත් වූ පුද්ගලයා පැවසුවේ අනේ සර් ඒකනම් හොඳ අදහසක් මම මේ ගෙදරම නිරෝධායනය වෙන්නම් කියාය.
එවිට වයෝවෘද්ධ කාන්තාව පැවසුවේ පිස්සුද දරුවෝ එහෙම ආවොත් ඔක්කොම ඉවරයි කියාය.
එවිට නිලධාරීන් මෙම සිද්ධිය සොයා බැලූ අතර එහිදී හෙළිවූයේ දෙදෙනා අතර අනියම් සබඳතාවක් ඇති බවය.
වැඩිදුරටත් පරීක්ෂණ සිදු කළ නිලධාරී කණ්ඩායමට තහවුරු වූයේ මෙම පුද්ගලයා පිට ප්‍රදේශයක සිට මෙම ගමට නිතර යන එන එක පවතින තත්ත්වය අනුව අවදානම් බවය. ඒ අනුව මෙම දෙදෙනා එම නිවසේ නිරෝධායනයට ලක් කර පිළිපැදිය යුතු උපදෙස් ද ලබා දුන්නේය.
අනතුරුව පසු විපරමමේ ද නිරත වූ නිලධාරීන්ට තහවුරු වූයේ මෙය ඉතා සාර්ථක නිරෝධායනයක් බවය.
ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සමරජීව, කොස්තාපල් 71126 වික්‍රමසිංහ, දොළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආසිරි බාලසූරිය යන නිලධාරීහු මෙම කටයුත්තට සහභාගිවී සිටියහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
අනියම් පෙමේ පල නෙළන්න බලෙන්ම නිරෝධායනය වෙලා
ශංඛ Tuesday, 21 April 2020 11:11 AM
පනින රිලවුන්ට ඉනිමං තියනවා කියන්නෙ මේකට තමයි නැත්නම් අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගෙයි කියන්නත් පුලුවන්.
Kumar Wednesday, 22 April 2020 04:07 PM
ලංකාවේ ඒ ගමේ ඉන්නේ ඉරිසියාකාරයෝ. ඇමෙරිකාවේ මේ වගේ අය විවාහවී එකට ජිවත් වෙනවා. ඒ නැතත් ඒ දෙදෙනාගේ ආශ්‍රයේ වරදක් නැතිවගයි මට පෙනෙන්නේ. ඒක ඒ දෙන්නගේ සතුටයි.