(බිංගිරිය වික්ටර් සෝමවීර)
ඇඳිරි නීතිය පනවා තිබියදී මසට දක්කාගෙන ගිය වැස්සියක කඩාගෙන විත් ගෙවත්තකට ඇතුළු වීමේ පුවතක් පසුගියදා බිංගිරිය බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.

තැරැව්කරුවන් දෙදෙනෙකු බෝවත්ත කුලියාපිටිය මාර්ගයේ දුම්මලසූරිය දෙසට දක්කාගෙන ගිය මේ ගව වැස්සිය එක්වරම තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදී බෝවත්ත ප්‍රදේශයේ ගෙවත්තකට ඇතුළු වී පඳුරකට මුවාවී ඇත. පණ බේරා ගැනීමට සැඟවුණ වැස්සිය තැරැව්කරුවන් දෙදෙනාට සොයාගත නොහැකි වී ඇත.
වත්ත වටේ සැරිසරන දෙදෙනෙකු ගැන සැක සිතු ගෙහිමි කාන්තාව මොනවද කරන්නේ යැයි ඔවුන්ගෙන් විමසා ඇත. එවිට හරකෙක් හොයනවා යැයි ඔවුන් පවසා තිබේ.
වත්තට අඩියක් තියන්න එපා ඇඳිරි නීතිය වෙලාවෙ මොන හරක් හෙවිල්ලක්ද ඉක්මනට ගෙවල්වලට යන්නැයි ගෙහිමි කාන්තාව ඔවුන්ට පවසා ඇත.
එක් පුද්ගලයෙක් බිංගිරිය ප්‍රදේශයට නුදුරු ගමක පදිංචිකරුවෙකු බව ඇය හඳුනාගෙන තිබේ. කාන්තාවගේ කතාවත් සමග තැරැව්කරුවන් දෙදෙනා ලැජ්ජාවෙන් පලාගොස් ඇති අතර වැස්සිය නිසොල්මනේම ගෙවත්තේ මුල්ලකට වී සිටින බව ගෙහිමි කාන්තාව දැක ඇත. උදෑසන බලන විටත් වැස්සි මුලින් සිටි තැනම සිට ඇත.
ඒ වනවිට වැස්සි වේදනාවකින් සිට ඇති අතර උගේ මුහුණට දමා තිබු මොහොරියට හොම්බ කැපී කැපුම් තුවාල රැසක් තිබෙන අයුරුද දැක ගන්නට ලැබිණි. නාසයෙන් ලේ ගලමින් තිබූ හෙයින් තුවාලවලට බෙහෙත් දමා තිබේ. වැස්සිය රැකබලා ගැනීමටද අසල්වැසියෙකු ඉදිරිපත් වී ඇති අතර මේ පිළිබඳව බිංගිරිය පොලිස් ස්ථානයට හා බිංගිරිය පශු වෛද්‍ය නිලධාරී කාර්යාලයටද දන්වා ඇති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා නෙමෙයි මොනවා ආවත් මිනිස්සු තම තමන් කළ පාපකාරී වැඩ නතර කරන්නේ නෑ. අමතක කරන්න එපා. මේක තමයි හොදම වෙලාව ඔබට කුසල් අකුසල් ගැන හොද වැටහීමක් ලබා ගන්න. තමන් විතරක් ජිවත් වුනාම ඇති කියලා හිතාගෙන වැඩ කරපු මිනිසාට ස්වභාව ධර්මය විසින්ම දඩුවමක් දීලා තියනවා. මේක කලිනුත් උනා. ඉදිරියේත් වෙනවා. අපි දැන උගත් හැටියට එය ස්වභාවික වරණයයි. මිනිසාගේ වල කපා ගන්නේ මිනිසාමයි.
මෙවැනි පුවත් ඇසීම නිසා, මා මීට වසර 10 කට පෙර ගව මස් කෑම නැවැත්වුවා. මා අදටත් කිසිම රෝගයකින් තොරව ජීවත් වෙමි.