IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මඟුල් ගෙදර පොටෝ සිද්ධියකට ලේලිය ලක්ෂ 3 ක් නැන්දම්මාගෙන් ඉල්ලලා

(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
විවාහ දිනයේ නිදහස් ඡායාරූප (ප්‍රී ෂූට්) නොගත්තේ යැයි පසුතැවිලි වන ලේලිය නැන්දම්මාගෙන් රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ඉල්ලීමේ සිද්ධියක් වැලිමඩ බොරලන්ද අවට ගම්මානයකින් අසන්නට ලැබේ.


දැනට මාස කිහිපයකදී වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ තරුණයකු වෙනත් ප්‍රදේශයක තරුණියක් විවාහ කරගෙන ඇත. ඡායාරූප ශාලාවකින් මංගල ඡායාරූපය රැගෙන ඇත. මාස කිහිපයක්ම සැමියාගේ පවුලේ සාමාජිකයන් සමග ඇය සුහදව ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.


මේ අතර අලුත ගෙනා මනමාලිය සමග නැන්දම්මා අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේ දුටු විවාහ මංගල්‍යයක ඇල්බමයේ ඇති විවිධ ඉරියව් සහිත ඡායාරූප ගැන ඇගේ සිත ඇදී ගොස් ඒ පිළිබඳව නිවැසියන්ගෙන් තොරතුරු විමසා තිබේ. 


​මෙවෙලෙහි මංගල ඡායාරූපවල මනාලියව සිටින තරුණිය රසවත් අන්දමට කරුණු කියා තිබේ. විවාහ උත්සවයට පෙර මනාලිය මනාලයා සමග සුන්දර ස්ථානවලට යමින් ඡායාරූප ගන්නා අන්දමත්, මේ සඳහා ඡායාරූප ශිල්පියාට රුපියල් ලක්ෂ ගණන් වැය වන බවත් එම තරුණිය පවසා ඇත. මෙම කතාව ඇසීමත් සමගම අලුත විවාහ වුණ තරුණියට ද තම විවාහ දිනයේදී මෙසේ අලංකාර ලෙසින් ඡායාරූප නොගැනීම ගැන පසුතැවිල්ලක් ඇතිව තිබේ.


නිවෙසට ආ පසු එද්දී තම විවාහයේදී නිදහස් ඡායාරූප නොගැනීම ගැන ඇය තම නැද්දම්මා සමග කතා බහක නියැලී ඇති අතර, නිවෙසට පැමිණීමෙන් පසු සැමියාට ද මෙවැනි ඡායාරූප ඇල්බමයක් සකස් නොකිරීම ගැන දොස් පවරා ඇත. නැන්දම්මා ලේලියගේ සිත සැනසීමට විවිධ කතා කියා තිබේ.


මෙම ගැටලුව සති ගාණක් ඇදී ගොස් අවසානයේ ලේලිය තම නැද්දම්මාට අපූරු විසඳුම් යෝජනාවක් ගෙනවිත් ඇත. ඒ නැවත විවාහ නිදහස් ඡායාරූප නොගන්නේ නම් තමන්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන ලෙසයි. තම ලේලියගේ යෝජනාවෙන් සසල වූ නැන්දම්මා තමන් පත්ව ඇති අසීරුතාව අසල්වැසියන්ට ද පවසා මෙයින් බේරීමට උපදෙස් පතා ඇතැයි ද පැවසේ.

 



අදහස් (3)

මඟුල් ගෙදර පොටෝ සිද්ධියකට ලේලිය ලක්ෂ 3 ක් නැන්දම්මාගෙන් ඉල්ලලා

Kalinda Friday, 24 April 2020 08:24 AM

ඕක හරියන කසාදයක් නොවෙයි වගේ පෙනෙනවා. දැන්මම වැඩකටයුතු සුදානම් උනොත් හොදයි.

:       0       7

Kumara Friday, 24 April 2020 10:10 AM

ප්‍රී ෂූට් යනු මගුල් දිනට පෙර ගන්නා ඡායාරූපයි. ඒවා ඉංග්‍රීසි බසින් ප්‍රී ෂූට් ලෙස හදුන්වන අතර වාර්තාකරු ඒය ප්‍රී ෂූට් ලෙස පටලවා නිදහස් ඡායාරූප යනුවෙන් නම්කර ඇත. අන් අය උපහාසයට ලක් කිරීමට පෙර තමන් නිවැරදි වීම මැනැවි....

:       0       5

රෝහණ රත්නායක Saturday, 25 April 2020 01:17 PM

මෙය නිදහස් ජායාරූපය (Free ෂූට්) නොව පූර්ව විවාහ ජායාරූපය (Wedding pre ෂූට්) විය යුතුය...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site