IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුවට කතා කරන්න ගිහින් කතක් කොරෝනා උපදෙස් දීලා: තාත්තා දුරකතනය පොළොවේ ගහලා

(ගල්ගමුව නිහාල් ජයවීර)
පිටස්තර ප්‍රදේශයක රැකියාවක් කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහ කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන්ගත් බැවින් ඔහු ප්‍රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ජංගම දුරකතනය පොළොවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැනගැනීමට ලැබිණ.


දැන ගැනීමට ලැබුණු පරිදි ඔහු මැදිවියේ පසුවන පෙදරේරුවෙකි. වැඩට ගොස් හවසට නිවෙසට පැමිණ ඇඟපතේ රුදාව මකා ගැනීමට යැයි කීය. රහමෙර ටිකක් පානය කිරීම සිරිතක් කොට ගත්තත් එදිනෙදා ඒ කාර්යයේ නිරත වෙමින් සිටියදී සිය දියණිය ඔහුට මතක් වී තිබේ. රටේ පවතින නොසන්සුන්තාව දියණියට ඇමතුමක් ගැනීම ඉක්මන් කළේය.


සිය ජංගම දුරකතනය ගෙන දියණියට ඇමතුමක් ගත් විට එහා කෙළවරෙන් ඔහුට ඇසී ඇත්තේ වෙනත් කාන්තාවකගේ කට හඬකි. කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ස්ථානවල නොගැවසීම ආදී ලෙස විස්තරයක් කරන්නට පටන් ගත්තාය. වැරදි අංකයක් යැයි සිතා ඔහු දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දියණිය ඇමතුවාය. එහා කෙළවරෙන් යළි ඇසුණේ පෙර කාන්තාවගේ කොරෝනා විස්තරයමය. ඇමතුම විසන්ධි කොට දුරකතනය පසෙකින් තබා නිවස පිටුපසට ගිය ඔහු තවත් අඩියක් කටට හලාගෙන සාලයට පැමිණියේය.


දියණියගේ දුරකතනයේ අංකය නිශ්චිතව තහවුරු කරගත් ඔහු නැවත ඇයට ඇමතුමක් ගත්තේය. එවරද පෙර කතා කළ කාන්තාවම කොරෝනා රෝගයෙන් වැළකීමට සබන් යොදා අත්සෝදා ගැනීම ආදී ලෙස කියද්දී ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඒයි ගෑනියේ මට කතා කරන්න ඕනෑ මගේ කෙල්ලට... යි මහ හඬින් තවත් පරුෂ වචන වැලකින් ඇයට බැණවැදී ජංගම දුරකතනය පොළොවේ ගසා තිබේ.


මේ මිනිහා කාටද මේ කෑගහන්නේ යි කියමින් ඔහුගේ බිරිඳ ඒ ගැන සොයා බැලීමට පැමිණෙද්දී ඔහු ඇයට පවසා ඇත්තේ තුන් සැරයක් දෝනිට කතා කරන්න හැදුවා. ඒත් ෆෝන් එක උස්සන්නේ වෙන ගෑණියෙක්. වශයෙනි.


සිනාව වළකාගත නොහැකිවූ බිරිඳ කට අතින් වසාගෙන කුස්සිය පැත්තට ගමන් කළ බව ඇයම සිය මිතුරියන්ට පවසා ඇත.



අදහස් (1)

දුවට කතා කරන්න ගිහින් කතක් කොරෝනා උපදෙස් දීලා: තාත්තා දුරකතනය පොළොවේ ගහලා

ananda Tuesday, 24 March 2020 02:20 AM

කොරෝනා උපදෙස් දුරකථනයෙන් ලබාදීම නම් කන්දොස් කිරියාවක්ම තමයි. හැබැයි කොරෝනා කොහොම වුණත් අනවශ්‍ය ඇමතුම් ගැනීම නම් පාලනය කරන්න මේ ක්‍රමය හොඳයි. මම වුණත් දැන් කෝල් ගන්න එක සීමා කරලා.

:       114       153

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site