කතුන් රවටා මුදල් ගැරූ කපුවා කපෝති
ආර්ථික ප්රශ්න, රැකියා ප්රශ්න, පවුල් ප්රශ්න ආදිය සඳහා සෙත් ශාන්ති කර දෙන බව පවසමින් රත්රන් සහ මුදල් ලබාගෙන වංචා කරමින් සැඟව සිටි දේවාලයක කපුවකු පොලිස් නිලධාරිනියකගේ දුරකතන ඇමතුමකට රැවටී කපෝතිවීමේ සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.