IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පට්ටම් ගැලවුණු ආරාධිතයා උත්සවයේදී මාරුවෙලා

ගමේ පැවැති ලොකු උත්සවයකදී නිවේදකයා විසින් පොල්තෙල් පහන දල්වන්නට ආරාධනා කළ ආරාධිතයෙකුගේ තනතුරු පට්ටම් අඩුවෙන් නිවේදනය කිරීම නිසා එම ආරාධිතයා උත්සවයේ සංවිධායකයන්ට බැණ වදිමින් උත්සවශාලාවෙන් පිටව ගිය පුවතක් දකුණු පළාතේ ඈත ගමකින් වාර්තාවේ.
මේ ආරාධිතයා ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. ඔහුට පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මුළු දිවයිනටම සාමදාන විනිසුරු පදවියක් ලබාදී තිබුණේය. එහි දිවුරුම් දුන් ඔහු පසුදිනම ඒ බව සඳහන් දැන්වීම් පුවරුවක් නිවසේ බිත්තියේ එල්ලුවේ ගමේ කාටත් පෙනෙන ලෙස ඉතා උජාරුවෙනි. 
මේ අතර පසුගිය දිනෙක ගමේ ප්‍රධාන විහාරස්ථානයක පැවැතියේ දහම් පාසල් දරුවන් අගය කිරීමේ හා ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවයකි. මෙම උත්සවයේ ආරාධිතයන් ලෙස විහාරාධිපති හිමියන් ඇතුළු ගමේ ප්‍රභූන් පිරිසක් ආරාධනා ලැබ පැමිණ සිටියහ.


උත්සවය ආරම්භ කිරීමත් සමග නිවේදකයා විසින් චිරාගත පොල්තෙල් පහන දැල්වීම සඳහා උත්සවයට පැමිණ සිටි ආරාධිත අමුත්තන්ට ආරාධනා කරනු ලැබීය. එක් එක් ආරාධිතයාගේ තනතුරු නම්බුනාම කියමින් නිවේදකයා ආරාධිතයන්ට  ආරාධනා කරමින් සිටියේය. ඒ අතර අප මුලින් කී පාසල් ගුරුවරයාටද ඔහුගේ තනතුර ගැන සඳහන් කරමින් නිවේදකයා විසින් ආරාධනා කරනු ලැබීය. එහෙත් ඔහු පොල්තෙල් පහන දැල්වීමට පැමිණියේ නැත. නිවේදකයාටත් එහි සංවිධායක මණ්ඩලයටත් බැණ වදිමින් ඔහු උත්සවශාලාවෙන් පිටව යද්දී එහි සිටි කෙනෙකු ඒ ගැන විමසුවේ සිදුවූ දෙය සිතාගන්නට බැරිවය.
‘‘මුන් ඔක්කොම දන්නේ මං අවුරුදු ගාණක් උගන්නපු විත්තිය විතරයි. උන්දන්නෙ නැහැ මම දැන් මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරයෙක් බව’’කියමින් ඔහු පිටව ගයද්දී එය ලොකු අඩුපාඩුවක් ලෙස ඔහු ගණන් ගෙන ඇති බව පෙනුනද එය නිවැරැදි  කරන්නට නිවේදකයාට හෝ සංවිධාකයන්ට ඒ වනවිට ඉඩක් තිබුණේ නැත. 

 

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

පට්ටම් ගැලවුණු ආරාධිතයා උත්සවයේදී මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site