වියලුව වාර්තාකරු
අසල්වැසි නිවසක පැවැති තෙමස් පූර්ණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පැමිණි උපාසක මහතෙකු ධර්ම දේශනය සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේගේ පාවහන් යුගල සොරකම් කරන්නට ගොස් ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේටම හසුවීමේ පුවතකි.
සිද්ධිය මෙසේය.
එය වියළුව ප්‍රදේශයේ තරමක් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි නිවසකි.
නිවැසියන් ගේ පියා මිය යාම නිසා ඔහුගේ දූ දරුවෝ සිය පියාගේ තෙමස් පූර්ණ දානමය පිංකම හැකි අයුරින් සංවිධානය කරනු ලැබුවේ ගමේ කාටත් ඒ සඳහා සහභාගී වන්නැයි ආරාධනා කරමිනි.
'ඒ වෙනුවෙන් කලින් දින රාත්‍රියේ ධර්ම දේශනාවක්ද සූදානම් කර තිබිණි. ධර්මශ්‍රවණය සඳහා අසල්වාසීන් මෙන්ම ගමේ තුන් හාර සියයක පිරිසක් සහභාගී වූවේ එය යුතුකමකටත් වඩා දේශනාවෙන් පසුව ලබා දෙන රාත්‍රී ආහාර වේල ගැන සිතමිනි.
ධර්ම දේශනය සඳහා වැඩම කරනු ලැබූයේ ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ය.
ධර්ම දේශනය සඳහා වැඩම කළ උන්වහන්සේගේ පාවහන් ගලවා දෙපා දෝවනය කොට ධර්මාසනය වෙත කැඳවාගෙන යාම සිදුවූයේ නිවැසියන්ගේ ප්‍රධානත්වයෙනි.
ධර්ම දේශනාව නිමා කළ ස්වාමීන් වහන්සේ යළි විහාරස්ථානය වෙත වැඩම කිරීම සඳහා නිවසින් පිටතට පැමිණිය ද උන්වහන්සේ පැලැඳ පැමිණි පාවහන් යුගල අතුරුදන්ව තිබිණි.
ධර්ම දේශනය සඳහා වැඩම කළ හිමිනමගේ පාවහන් යුගල අතුරුදන්ව ඇති බව දැනගත් නිවැසියෝ ද එයින් බොහෝ සේ කලබලයට පත්වූ අතර පැමිණි පිරිස හා එක්ව ඔවුන් එය සොයන්නට වූයේ ගරුතර ස්වාමීන් වහන්සේට තමුන් වෙනුවෙන් අනුකම්පාකර මදක් රැඳී සිටින්නැයි ඉල්ලමිනි.
කෙසේ වෙතත් සිද්ධිය දෙස මුල සිටම ඇස ගසා ගෙන සිටි ගමේ තරුණයෙකු ධර්මශ්‍රවණය සඳහා පැමිණී වැඩිහිටියෙකු දෙස බලමින් ඇඟට පතට නොදැනී කියා සිටියේ ‘මාමා දැන් ඉතින් ඔය සෙරෙප්පු දෙක හාමුදුරුවන්ට දීපන්‘‘ යනුවෙනි.
ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි පිරිස තමුන් සිටි තැන් පවා අමතක කර මහ හඬින් හිනා වෙද්දි තම දෙපයේ රඳවාගෙන සිටි පාවහන් යුගල ස්වාමීන් වහන්සේ වෙත ලබාදුන් වැඩිහිටියා හිමින්සීරුවෙ ධර්ම දේශනාව පැවති නිවසින් මාරු වූයේ ධර්ම දේශනාවෙන් පසුව ඔවුන් වෙනුවෙන් පිළියෙල කර තිබූ ආහාර වේල ද ප්‍රතික්ෂේප කරමිනි.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාමුදුරුවන්ගේ සෙරෙප්පු ඉස්සූ උපාසකගේ රෙදි ගැලවිලා
Premadasa Wednesday, 25 October 2023 10:55 AM
සෙරෙප්පු කුට්ටම කොහේහරි හංගලා තියන්න තිබුණේ...