‘‘ විලාසිතා ගෙඩියක්’’ පාසලේ සිට ගෙදර යාමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මෙරට වියළි කලාපයේ දුෂ්කර පාසලකිනි.
මේ පාසලේ දිගු කලක පටන් ඉංග්‍රීසි ගුරුවරයකු නොවීම නිසා විදුහල්පතිවරයා ගුරුවරයකු ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවත් එය සාර්ථක නොවීය. මේ පිළිබඳව ප්‍රාදේශීය දේශපාලකයකු දැනුම්වත් කළ විට ඔහු තම බිරිඳගේ බාල නැගනියක අගනුවර ඉංග්‍රීසි අධ්‍යාපනය ලද හෙයින් තාවකාලිකව ඇය මෙම පාසලේ ගුරු සේවයට යෙදවීය. ඇගේ සේවය පාසලට ලබා ගත්තත් එහි ගුරු මණ්ඩලය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ඇගේ සමහර ගතිපැවතුම් නිසාය.
පාසලේ පහ වසරේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන අතර ඇය එළවළු හා පලතුරු වර්ගවල නම් සිංහල හා ඉංග්‍රීසි බසට හැරවීමේ ක්‍රියා කාර කමක් සිදුකොට අභ්‍යාසයක් දී ඉදිරි පස ගුරු පුටුවට වී වෙනත් වැඩක් කරන විට සිසුවියක් එතැනට විත් ‘‘ටීචර් පැෂන් කියන වචනේ සිංහල තේරුම කුමක් දැයි ’’ ඇසුවාය. ‘‘පැෂන් කියන්නේ’’ විලාසිතා‘‘කියන එකයි’’ ඇය කීවාය.
පසුගියදා ඇයගේ පාඩම් අධීක්ෂණයට ආ නියෝජ්‍ය විදුහල්පතිනිය ළමයින්ගේ පොත් පරීක්ෂාවේදී පලතුරුවල නම් ලියූ එක් සිසුවියක ‘‘විලාසිතා ගෙඩිය’’ ලෙස නම් කොට තිබුණේ පැෂන් පෲට් වලටය. මෙය ගුරුමණ්ඩලයට දැන ගැනීමට ලැබීම නිසා ඉංග්‍රීසි ගුරුතුමියට ‘‘විලාසිතා ගෙඩිය’’ යැයි නමක් පට බැඳිණ.
මෙය දැනගත් ඇය දැඩි ලජ්ජාවට පත්ව පාසලෙන් ඉවත්ව ගෙදර ගිය අතර පාසලට යළිත් වරක් ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවක් ඇති වෙලාලු.
තිහගොඩ උපසේන ලියනගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ගුරුවරු ඉන්නවද?
මේ අලුත් ගුරුවරියට ඇති ඉරිසියාව නිසා පරණ ගුරුවරු කරලා තියෙන්නේ ලමයින්ගේ අනාගතය විනාශ කිරීමක්. ලමයා පැෂන් කියන පලතුරට කියන වචනේ නෙවෙයි අහල තියෙන්නේ, පැෂන් කියන වචනේ තේරුම. මෙහෙම ඉරිසියෝ කාරයෝ ඉන්න රටකට හරි යයිද.
ගුරුවරයා "ආශාව" සහ "විලාසිතා" අතර වෙනස දන්නේ නැත.