කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
වයෝවෘද්ධ මව්පියන්ට තම නිවෙසින් ඇද දී තිබුණු බල්බය විදුලි බිල වැඩියැයි පවසා ගලවා දමා ඇතැයි කියන පුතකු හා ලේලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 31 හැවිරිදි පුද්ගලයෙක් බිරිය දරුවා සමග මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටියේය.
ඔහුගේ මව්පියන් ද කලක් මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටි අතර ලේලිය සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔවුහු අසල්වැසියකු ලවා මහගෙට අල්ලා කටුමැටි පැලක් තනා ගත්හ.
පසුව මෙම වියපත් යුවළ මහ ගෙදර පුතාට සම්පූර්ණයෙන්ම බාර දී නිදහසේ මැරෙන්නවත් අවැසි බව පවසා පුතාට ලේලියට හා මුණුපුරාට නිවස බාර දී බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් හට්ටි මුට්ටි රැගෙන කටුමැටි පැළට ගියහ.
රාත්‍රියට කටුමැටි පැලේ කළුවර මකා දැමීමට පුතා වයරයක් ඇද බල්බයක් ද සවි කර දුන්නේය. දර ළිපේ යම් දෙයක් උයා පිහා වයෝවෘද්ධ යුවළ කා ජීවත් වෙද්දී ඔවුන්ගේ කටුමැටි පැලේ විදුලි බුබුල එළිය වැටෙනකම් දැල් වෙයි.
පුතා ලේලිය පදිංචිව සිටින මහ ගෙදර ශීතකරණය වතුර උණු කරන විදුලි කේතලය හා ලේලිය බත් උයා පිහන්නේ ද රයිස් කුකරේය.
මේ අතර එක් දිනක් රාත්‍රියේ වියපත් මව්පිය යුවළ පුතාට කතා කර කියා ඇත්තේ කටුමැටි පැලට විදුලිය නොමැති බවය.
“ගිය මාසයේ විදුලි බිල රුපියල් 2,700 ක් වෙලා. එළිය වැටෙනකම් බල්බය දැල් වෙනවා ඒ හින්දා මේ මාසයේ විදුලි බිල රුපියල් 2,700 ක් ඇවිල්ලා තියෙනවා රෑට බල්බය නිවන්න” ලේලිය මේ කතාව මැදට පැන සැර වචන කිහිපයකින් උත්තර දුන්නාය.
“බල්බය එළිය වැටෙනකම් දැල් වුණාට නෙමෙයි පුතේ උඹ වැඩට ගියාම උඹේ බිරිඳ බත් උයන්නේ වතුර උණු කරන්නේ ඇඳුම් මදින්නේ කරන්ට් එකෙන්.. අනික ශීතකරණය වැඩ කරන්නත් විදුලිය වැඩිපුර යනවා...” පියා පුතාට පහදා දුන්නේය.
පුතා බල්බය යළි සවි කර දුන්න ද මව්පියෝ වයරය ගලවා විසි කර දමා භූමිතෙල් කුප්පියක් සාදා ගෙන එළිය වැටෙනකම් දල්වාගෙන රැය පහන් කරති.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයිට් බිල බේරා ගන්න අම්මයි තාත්තයි අඳුරේ තියලා
Pradeep Kumara Friday, 27 October 2023 12:45 PM
කොන්ද පණ නැති පුතෙක්...!