IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මාට වැඩ පෙන්වන්න ගිහින් ලේලියගේ සායම දිය වෙලා

කෑගල්ල අධිකරණ-චමින්ද වැවතැන්න
තමාට වැඩ පුළුවන් බව නැන්දම්මාට පෙන්වීමට ගොස් වැඩ අනාගත් අලු‍ත ගෙනා ලේලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඇය 22 හැවිරිදි තරුණියකි. ඇගේ නිවෙස තැනීමට ව්‍යාපාරික පියා කෑගල්ල ප්‍රදේශයේ පෙදරේරුවකුට බාර කළේ මීට වසර කිහිපයකට ඉහතදීය. පෙදරේරුවා පසුව නි‍වෙස ආසන්නයේ පදිංචිව සිටින 25 හැවිරිදි තරුණයෙක් අත්උදව්කරු ලෙස අලව්වේ නිවෙස ගොඩ නැගීමට එක්කරගෙන ගියේය. 
මෙම තරුණයා වැඩි කාලයක් යාමට පෙර නිවෙසේ සිටින එකම තරුණිය සමග ඔවුන්ගේ මව්පියන්ට හොර රහසේ සම්බන්ධතාවයක් ගොඩ නගා ගත්තේය. පසුව තරුණයා මීට මාස දෙකකට පමණ ඉහතදී මව්පියන්හට හොර රහසේ තරුණිය ත්‍රිරෝද රථයකින් නිවෙසට කැන්දාගෙන ආවේය. ඇය පැමිණ ඇත්තේ ඇඳි වතින් පමණි.


 පසු දා තරුණයා කෑගල්ල නගරයට පෙම්වතිය රැගෙන ගොස් ඇයට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සියල්ල ද අරන් දී දින කිහිපයකට පසුව විවාහය ද ලියාපදිංචි කර ගත්තේ දෙපාර්ශවයේ ආශිර්වා ද මධ්‍යයේය.
මීට දින කිහිපයකට ඉහත දී තරුණයාගේ වැඩිමහල් සහෝදරියගේ සුව දුක් බැලීමට මව පොලොන්නරුවේ නිවෙසට යාමට සූදානම් විය. දරු ප්‍රසුතියට සුදානම්ව සිටින දියණියට කොකිස් බැද රැගෙන යාමට තීරණය කර ඇති මව ඉකුත් දිනක පිටි කොටා කොකිස් බැදීමට පිටි මිශ්‍රණය සාදා ගෙන කොකිස් බදිමින් සිටියාය.
අලු‍ත ගෙනා ලේලිය ද කොකිස් බදිමින් සිටි ස්ථානයට පැමිණ කොකිසයක් කා තමන්ට කොකිස් බදින්න පුළුවන් යැයි පවසා නැන්දම්මාගෙන් කොකිස් අච්චුව ඉල්ලා ගත්තාය. 
කොකිස් අච්චුව ලේලියට දී දර කෝටු ටිකක් ගෙන ඒමට නැන්දම්මා කුස්සියෙන් දර ගෙට ගියාය.
තරුණිය පසුව පළමු කොකිසය බැදීමට අච්චුව සම්පූර්ණයෙන්ම පිටි මිශ්‍රණයේ ගිල්වා රත්ව තිබුණු තෙල් තාච්චියෙන් තැබුවාය. බුබුළු දමමින් කොකිසය බැදෙන අතරේ නැන්දම්මා දී ගිය ඉරටුවෙන් කොකිස් අච්චුවේ තිබුණු කොකිසය ඉවත් කර ගැනීමට වෙර දැරුව ද ඇය‍ට එය කළ නොහැකි විය. පසුව තරුණිය “අම්මේ අම්මේ”‍  යැයි කතා කළාය. 
හනික පැමිණි නැන්දම්මාට අම්මේ කොකිසය අච්චුවෙන් ගැලවෙන්නේ නෑ. අම්මා කොහොම ද ගැලෙව්වේ යැයි තෙල් තාච්චිය දෙස බලා විමසුවාය. “කෝ දෙන්න අච්චුව බලන්න”යැයි පවසා ඉල්ලාගෙන බලද්දී දැක ඇත්තේ ලේලිය සම්පූර්ණයෙන්ම කොකිස් අච්චුව පිටි මිශ්‍රණයේ ගිල්වා තාච්චියේ ගිල්වා ඇති අයුරුය.
පසුව නැන්දම්මා බොහොම අමාරුවෙන් කොකිසය ගලවා ඉවත් කර කොකිස් අච්චුව පිටි මිශ්‍රණයේ ගිල්වන අයුරු පෙන්වා දී තාච්චියේ තබා කොකිසය අච්චු වෙන් ගලවන අයුරු ද ලේලියට උගන්වද්දී ඇය එය අසාගෙන උන්නේ ලජ්ජාවෙන් ඇඹරෙමිනි.

 



අදහස් (0)

නැන්දම්මාට වැඩ පෙන්වන්න ගිහින් ලේලියගේ සායම දිය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site