හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
නැන්දණිය සහ ලේලිය පමණක් රැඳී සිටි නිවෙසකට නාන කාමරයේ හුළං කවුළුවෙන් රාත්‍රී කාලයේ ඇතුළු වූ පුද්ගලයකු පොලීසියට හසුවීමෙන් පසුව අමුතුම ආකාරයේ උත්තරයක් දී ඇතැයි කියයි.
මෙම නිවසේ සැමියා විදේශගතව සිටි අතර අලුතින් ඉදිකරනු ලැබූ නිවෙසේ බිරිඳ සහ සැමියාගේ මව පමණක් රැඳී සිට තිබේ.
මෙසේ සිටිය දී ඉකුත්දා රාත්‍රී කාලයේ නිවෙසේ නාන කාමරයේ හුළං කවුළුව තුළින් නිවස තුළට ඇතුළුවී ඇති අතර එය දුටු නිවෙසේ කාන්තාවන් දෙදෙනා කෑ ගසද්දී සැකකරු පලා ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අධික ලෙස බීමත්ව සිටි නිසා නොදැනුවත්ම එම නිවෙස තුළට ඇතුළු වී ඇති බවයි.
කෙසේ නමුත් අත්අඩංගුවට ගැනුණ සැකකාර තරුණයා කූඩු කළ පොලිසිය දැන් බලා සිටින්නේ අද හෙටම උසාවියට ඉදිරිපත් කිරීමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd