IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්මාගේ හැදුනුම්පත අරන්’ දුව කොල්ලෙක් එක්ක රවුම් ගහලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මවගේ ජාතික හැඳුනුම්පත රැගෙන පෙම්වතා සමග ලැගුම්හලකට ගිය තරුණියක පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
තරුණිය දකුණු පළාතේ වන අතර ඇයගේ පෙම්වතා වෙනත් ප්‍රදේශයක අයෙකි. දෙදෙනාගේ පදිංචි ප්‍රදේශ එකිනෙකාට දුර ප්‍රදේශ හේතුවෙන් එකිනෙකා හමුවීමට නොහැකි වී තිබුණි.
තරුණිය ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකට යන අවස්ථාවේ දී හමුවීමට හැකි ක්‍රමයක් පිළිබඳව දෙදෙනා එකතුවී සැලසුම් කළ අතර ඒ සඳහා දිනයක් ද යොදා ගත්හ. එම ගමනට පෙම්වතියගේ යෙහෙළියෝ දෙදෙනෙක් ද හා ඔවුන්ගේ පෙම්වත්හු ද එක්වූහ.


හමුවන දිනය පිළිබඳව පෙම්වතියට දැනුම් දුන් පෙම්වතා තමන් හමුවීමට පැමිණෙන විට හැඳුනුම්පත ද රැගෙන එන ලෙස පෙම්වතියට දැන්වීය. හැඳුනුම්පත අස්ථානගතවීම නිසා හැඳුනුම්පතක් නොමැතිවීම පිළිබඳව කනස්සල්ලට පත් පෙම්වතිය තරුණිය දස අතේ කල්පනා කරන්නට වූවාය. 
නව හැඳුනුම්පතක් ඉල්ලා තිබුණ ද එය ද ලැබීමට පරක්කු වීම නිසා ගැටලු‍වට විසඳුමක් කල්පනා කරමින් සිටි අතර අම්මාගේ හැඳුනුම්පත පිළිබඳව මතකයට ආවේය. තරුණිය මවට නොදැනෙන පරිදි හැඳුනුම්පත ගෙන තම බෑගයේ දමාගත්තේය. යොදාගත් දිනයේ නියමිත වෙලාවට වෙරළාසන්න නගරයකට පිවිසි පෙම්වතුන් පිරිස වෙරළ සමීපයේ ඇති ලැගුම්හලකට ගොඩවූයේ නිදහසේ හිඳගෙන පෙම්සුව විඳීමටය.


ලැගුම්හල්වල සිටින තරුණ ජෝඩු පිළිබඳව අවධානය යොමු කළ  ආරක්ෂක නිලධාරීහු ලැගුම්හල් පරීක්ෂාවට ලක්කළහ. 
නිලධාරින් ලැගුම්හල්වල සිටි තරුණ තරුණියන්ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටි අතර පෙම්වතා කලබලයෙන් හැඳුනුම්පත සාක්කුවෙන් එළියට ගනිද්දී පෙම්වතිය ද සිය ගමන් බෑගයේ තිබූ හැඳුනුම්පත ඉදිරිපත් කළාය.


පෙම්වතියගේ නම කුමක්දැයි පෙම්වතාගෙන් නිලධාරීන් විමසූ විට පෙම්වතිය ඉදිරිපත් කළ හැඳුනුම්පතේ සඳහන් නමට වෙනස් නමක් සඳහන් කිරීම නිසා පෙම්වතියගේ හැඳුනුම්පත ගෙන නිලධාරීහු නැවත පරීක්ෂා කළහ. එය තරුණියගේ හැඳුනුම් පත නොවන බවත් එය පනස්තුන් හැවිරිදි වෙනත් කාන්තාවකගේ හැඳුනුම්පතක් බව ආරක්ෂක නිලධාරින්ට අවබෝධ විය. පෙම්වතා මුණගැසීම සඳහා මවගේ හැඳුනුම්පත රැගෙන ආ බව තරුණියගෙන් සිදුකළ විමසීමේ දී අනාවරණය වූ අතර නිලධාරීහු ඇයට අවවාද කළහ.
පිරිස බාලවයස්කරුවන් නොවන නිසා නිලධාරීහු පිටව ගියහ. තරුණියට සිදුවූ අලකලංචිය යෙහෙළියන් හා පෙම්වතුන් දෙදෙනා බලා සිටි අතර නිලධාරින් පිටත්ව ගිය පසු ඇයට ඔවුහු විහිළු කළහ. 
තමන්ට සිදුවූ ඇබැද්දිය සෙසු අයගෙන් වසන් කර ගැනීමට ඇය කෙතරම් උත්සාහ දැරුව ද යෙහෙළියන්ගේ උසුළු විසුළු කිරීම් නිසා දින කිහිපයක් යාමට පෙර කතාව මිතුරු මිතුරියන් අතර පැතිර ගියේය. හැඳුනුම්පත තියෙනවද කියා යෙහෙළියන් නිතර නිතර ඇමතුම් ලබාදී විමසන අතර එවැනි අවස්ථාවල දී තරුණිය පරුෂ වචන සඳහන් කරමින් බැන වදින බව පැවසේ.

 



අදහස් (2)

අම්මාගේ හැදුනුම්පත අරන්’ දුව කොල්ලෙක් එක්ක රවුම් ගහලා

ජයන්ත Saturday, 30 September 2023 08:19 AM

ලැගුම්හල්වලට පොලිසියෙන් පනින එක නීතියෙන් තහනම් කළයුතුයි. තමන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව පිරිමහගන්න බාලවයස්කරුවන් නොවන වයස 18 ට වැඩි අයත් පොලිසියට ගෙන්නලා අපහසුතාවයට පත්කරන අවස්ථා තියෙනවා.

:       0       6

himal Monday, 02 October 2023 04:28 PM

පොලිසිය අධිකරණ නියෝගයක් නැතිව කොහොමද මේ වැටලීම කරේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site