IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොඩි ගානක් හොයා ගන්න ගේමක් ගහලා ලොකු ගානකට අතින් කයිට්

බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා 
වංචා ලෙස රක්ෂණ වන්දි මුදලක් ලබාගැනීමේ වුවමනාවෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගැනී‍මට ව්‍යාජ පපුවේ අමාරුවකට රෝහලට ඇතුළත් වූ අයකුට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ පුවතක් ගාලු‍ දිසාවෙන් වාර්තා වේ. 
මොහු ප්‍රකට හෝටලයක වැඩ පරීක්ෂකවරයෙකි. හදිසි වුවමනාවකට මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වී කිහිප දෙනකුගෙන් අතමාරුවට ඉල්ලා සිටියත් මුදල නොලැබිණි. මේ පිළිබඳව නිවෙසේ දී සාකච්ඡා කරන විට දී රක්ෂණ කටයුතු පිළිබඳ දැනුමක් ඇති බිරිඳ අලු‍ත් යෝජනාවක් ඉදිරිපත් කළාය.
‍‍‍“දැන් අපි කිහිප දෙනකුගෙන්ම සල්ලි ටිකක් ඉල්ලු‍වත් සොයාගන්න බැරි වුණා. අපි දෙන්නගෙම නෑයන්ට සල්ලි තිබිලත් අතමාරුවක් කර ගන්න බැරි වුණා. මෙහෙම නෑයෝනම් ඇති වැඩක් නෑ. ඔයාගේ හෝටලයේ ඉන්න යාළුවකුගෙන් අතමාරුවක් ගන්න බැරිද ?”


“පිස්සුද අනේ. උනුත් හිඟන්නෝ වගෙයි. සර්විස් චාර්ජ් එක ගන්න දහ වැනිදා එනකම් බලාගෙන ඉන්නවා.”
“ඔයත් රස්සාවක් කරනවා. මමත් ෆීල්ඩ් එකේ ගිහින් හම්බ කරනවා. දුවත් රස්සාවක් කරනවා. එහෙම තියෙද්දී මේ මිනිස්සුන්ට අපිට ණයක් දෙන්න බැරි වුණා.”
“මම කියන්න ද හොඳ වැඩක්...” බිරිය එකවර දෙයක් මතක් වූ ආකාරයෙන් කීවාය.
“හරි.. හරි.. කියන්නකෝ හොඳ වැඩේ.”
“දැන් ඔයා ඉන්ෂුවරන්ස් වෙලා අවුරුදු ගාණක් වෙනවා. අපි සල්ලි දානවා විතරයි. කිසිම වන්දියක් අරගෙන නැහැ. අපේ යාළුවෝ කිහිප දෙනෙක්ම වන්දි අරගත්තා.”
“කොහොමද එහෙම ගන්නේ...”
“බොරුවට පපුවෙ අමාරුවක් කියලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙනවා. ඉස්පිරිතාලෙ නැවතුණ එකට රිපෝට් එක අරගෙන ගිහින් සල්ලි ගන්නවා...”
“හැබැයි ඒකනම් හොඳ අයිඩියා එකක්. යෝජනාවනම් මල් හතයි. මට හෙට ඩබල් ඕෆ් එකක් තියෙන නිසා ඉස්පිරිතාලෙ ගිහින් නවතින්නම්.”
ඔහු පසුවදා රෝහලට ගොස් පපුවේ අමාරුවක් යැයි කියමින් රෝහලට ඇතුළත් විය. රෝහලේ දී කළ යුතු පරීක්ෂණ කඩිනමින් සිදු කළේය.
“ඔයාගේ පපුවේ වෑල් එකක අප්සට් එකක් තිබෙනවා. තව පරීක්ෂණ කරන්න තියෙනවා කියල ලොකු ඩොක්ටර් කිව්වා. ඒ නිසා සතියක් විතර ඔයාට ඉස්පිරිතාලෙ ඉන්න වෙනවා...”
සවස වෛද්‍ය වාර්තාවකුත් රැගෙන පැමිණි හෙදියක කී කතාවෙන් ඔහුට තරු විසි වෙන්නට විය. බිරිය සවස කෑමත් රැගෙන පැමිණි විට මේ ගැන කී විට ඇය ද අඬන්නට වූවාය.
“මදැයි රිපෝට් එකක් ගන්න ඇවිත් වෙච්ච දේ. දැන් ඉතිං මොනව කරන්නද?” බිරිය ඇසුවාය.
“ඔයාගේ මෝඩ යෝජනා නිසා මමත් අමාරුවේ වැටුණා. මට නිවාඩුත් නැහැ. සතියක් ඉදිද්දි නෝපෙ තමයි යන්න වෙන්නේ. තව මාස අටකින්ලු‍ ඔපරේෂන් කරන්න වෙන්නේ. එතකම් ලිස්ට් එකේ ඉන්න වෙනවලු‍. පුළුවන් තරම් ඉක්මනින් කර ගන්න කියලත් කිව්වා. ප්‍රයිවට් කරන්න ගියොත් මාර වියදමක් කරන්න වෙනවා. අපට කොහෙන්ද ඔච්චර සල්ලි.? සුළු මුදලක් සොයා ගන්න ගිහින් වෙච්ච වැඩේ. වැඩි මුදලක් වියදම් කරන්න සිදු වුණා...” කියමින් බිරියට දොස් පවරන්න විය.

 



අදහස් (4)

පොඩි ගානක් හොයා ගන්න ගේමක් ගහලා ලොකු ගානකට අතින් කයිට්

fairoos Wednesday, 04 October 2023 02:05 PM

ඉතින් රක්ෂණයෙන් කරගන්නනේ තියෙන්නේ...!

:       1       12

himal Thursday, 05 October 2023 10:01 AM

මේ කෙනා රජයේ රෝහලකින් නම් පරීක්ෂා කරගත්තම ඇත්තටම අමාරුවක් කියලා හෙළි වෙලා. ඉතින් ඒකට මෙඩිකල් එකක් දාලා නිවාඩු ඉල්ලන්න තියෙන්නෙ. ඔය සැත්කම පුද්ගලික රෝහලකින් කරගෙන රක්ෂනයෙන් බිල ගෙව්වාම හරි.

:       0       8

pakeer Friday, 06 October 2023 10:18 PM

මේ යකා හරි වාසනාවන්තයි... එහෙම කරපු නිසා... බේරුණා. නැතිනම් මේ යකා ... මග මැරෙනවා හාට් ඇටෑක් ඇවිල්ලා.

:       0       2

සෙල්වරාජා තිශාන්නි කුමරි Thursday, 02 May 2024 03:46 AM

රොහලේ වියදමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site