කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
අනියම් බිරියගේ නිවෙසට රිංගන්න හදද්දී විවාහ බිරිය පිටුපසින් පැමිණ එල්ල කිරීමට ගිය පොලු පහරින් බේරීමට අසල තිබුණු වැසිකිළියකට රිංගා ඇතැයි කියන සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිස් වසමෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කෑගල්ල පොලිස් වසමේ වයස අවුරුදු 33 ක තිදරු පියෙකි. සිය බිරිය හා ගැහැනු දරුවන් තිදෙනා සමග පදිංචිව සිටියි. ඔහු රැකියාව ලෙස පෙදරේරු අත් උදව්කරුවකු ලෙස ගම් ප්‍රදේශයේ දක්ෂ පෙදරේරුවකු සමග කාලයක සිට සේවය කර උපයා ගන්නා මුදලින් බිරිඳ, දරුවන් ඇති දැඩි කළේය.
සැමියා කාලයක සිට අසල්වැසි නිවෙසක පදිංචිව සිටින අවිවාහක තරුණියක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට බිරිය තොරතුරු සොයාගත්තේ ඉවකින් මෙනි.
පසුව බිරිය සිය සැමියාගෙන් ඒ පිළිබඳ කීප අවස්ථාවක දීම විමසා ඇතත් තමන් එවැනි දෙයකට පැටලී නැති බව කියා සිටියේ හත් පොළේ දිවුරමිනි. දින සති ගෙවී යද්දී දෙදෙනා අතර ගැටුම උග්‍ර වීම හේතුවෙන් තිදරු පියා බිරියට හා දරු තිදෙනාට කෑමට හාල් ටිකක් එළවළු ටිකක් පමණක් ගෙනත් දීමට කටයුතු කළේය. දරුවන්ගේ පාසල් කටයුතුවලට මෙන්ම අත්‍යවශ්‍ය දෙයකට මුදලක් අසනීපයකට බෙහෙතක් ගැනීමට පවා තිදරු පියා බිරිඳට මුදලක් ලබා නුදුන්නේය.
ඉකුත් දිනක තිදරු පියා වැඩ ඇරී නිවෙසට පැමිණ කහට කෝප්පයක් පානය කර ගොම්මන් හැන්දෑවේ බිරිය කුස්සියේ උයමින් සිටිය දී අනියම් බිරියගේ නිවෙස පැත්තට ගියේ හොර රහසේය.
අනියම් කාන්තාවගේ නිවෙස පැත්ත බලමින් වෙළඳසල දෙසට සැමියා ගමන් කරන අයුරු දැක ඇති බිරිය හීන්සැරේ පොල්ලක් ද රැගෙන ගොස් අනියම් කාන්තාවගේ නිවෙස ආසන්නයේ සැඟවුණාය.
මිනිත්තු කිහිපයකින් පසුව සැමියා වටපිට බලමින් පැමිණ පිටුපස දොරෙන් ඇතුළුවීමට යාමේදී සැඟවී සිටි බිරිය පොල්ලකින් තිදරු පියාගේ කොන්දට පහර දෙන්නට ලක ලෑස්ති වෙද්දී ඉන් බේරී අනියම් කාන්තාවගේ නිවෙස පිටුපස තිබුණු වැසිකිළියට දිව ගොස් දොර වසා ගත්තේය.
පසුව බිරිය වැසිකිළියේ දොරට අත් දෙක තබාගෙන ලතෝනි දෙන්නට වූවාය. කාන්තාවගේ ලතෝනි හඬ ඇසී අසල්වැසියන් විශාල පිරිසක් මෙන්ම තිදරු මවගේ පියා හා බාල සහෝදරයා ද අනියම් කාන්තාවට අයත් යැයි කියන වැසිකිළිය අසලට පැමිණියහ.
කිසිවක් කර ගත නොහැකිවූ තිදරු පියා එකවර දොර පිටතට තල්ලු කරද්දී වැසිකිළිය ඉදිරිපිට වැටුණු බිරියගේ ඇඟ උඩින් තිදරු පියා පැන දිව ගියේ අනෙක් අයගේ හූ හඬ මැද්දෙනි.
බිරිය මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ලට අනුව පොලිසිය යුවළ ගෙන්වා පැයකට ආසන්න කාලයක් කරුණු පැහැදිලි කර දුන්නේය. පසුව කරුණු අවබෝධ කර ගත් යුවළ සිනාමුසු මුහුණින් පොලිසියෙන් පිටව ගිය අයුරු දක්නට ලැබුණි.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෝනාගේ පොලු පහරින් බේරෙන්න ගිහින් වැසිකිළියක කොටුවෙලා
pakeer Friday, 06 October 2023 10:21 PM
ඔය යකා ආයෙත් යනවා... හොර ගෑනි ගාවට...!