කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
හොර ගමනක් ගොස් හොර වැඩක් කරන්නට උත්තේජක බෙහෙත් පෙත්තක් ගැනීමට ඔසුසලකට ගිය අයකුට බෙහෙත් පෙත්තේ නම අමතකවී අලි ජංජාලයක් වූ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
ඔහු රජයේ විශ්‍රාමිකයෙකි. සේවය කළේ අගනුවර පළාත් පාලන ආයතනයකය. ඒ රියදුරකු ලෙසය. හැට පැන්නත් ආශ්‍රය කළේ කොල්ලන්ය.
දිනක් ඔහුට හොර ගමනක් යාමට සිත්විය. හරහට හිටියේ වයසය. කොල්ලෙක් ඊට අවශ්‍ය උපදෙසක් දුන්නේය. ඒ සඳහා යායුතු තැන පිළිබඳව ද ඔහු දැනුම්වත් කළේය.
සියල්ල සූදානම්ය. ඔහු එළියට බැස්සේය. මිනිහා ගියේ කෙළින්ම ෆාමසියටය. ෆාමසියට ගිය ඔහුට කොල්ලා කිවූ බෙහෙත් පෙත්තේ නම අමතකවී ගියේය. කෙතරම් මතක් කළත් මතක් නොවීය.
ෆාමසියේ ඇතුළේ සිටම ඔහු කොල්ලාට සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේය. තැන නොතැන ඔහුට අමතක විය. ඒ අවස්ථාවේ ඔහුගේ සිතේ තිබුණේ තමා යන හොර ගමන ගැන පමණි. ඒ නිසාම දෝ “ඒයි අර බෙහෙත් පෙත්තේ නම මොකක්ද..?”යැයි ඔහු කොල්ලාගෙන් ඇසුවේ හිමින් නම් නොවේ. ඒ අවස්ථාවේ ෆාමසියේ සිටි අයටත් ඇසෙන සේය.
කොල්ලා දුරකතනයෙන් බෙහෙත් පෙත්තේ නම කිව්වේය. නම කියූ බෙහෙත් පෙත්තේ නම ඔහු හයියෙන් දෙතුන් පාරක් තමාටම කියා ගත්තේද මහා හයියෙනි. ඒ ආයෙත් එහි නම අමතකවී යාම වළක්වා ගන්නටය. බෙහෙත් පෙත්තේ නම ඇසූ ඒ පිළිබඳව දන්නා බොහෝ දෙනා මුහුණෙන් මුහුණ බලා සිනාසූණෝය. ෆාමසියේ සිටි ඔහුගේ අසල්වාසියකුට මෙය ඇසුණේය. වැඩේ පත්තුවුණේ එතැනින්ය. ඔහු නම අසා ඇත්තේ කාම උත්තේජනය වැඩි කරන බෙහෙත් පෙත්තක් ගැන බවත් එය මිලදී ගෙන ගිය හොර ගමන ගැනත් රට්ටුන් දැන ගත්තේ එදා ෆාමසියේ සිටි අසල්වාසියා ඊටත් වඩා තොරතුරු සොයා ඔවුන් දනුම්වත් කළ නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසල්වැසියා කරලා තියෙන්නේ අන්තිම පහත් වැඩක්. මොන වැඩේට ගත්තත් කෙනෙක් ගේ සෞඛ්‍ය මට්ටම කියන්නේ පුද්ගලික දෙයක්. හිතන්න කෙනෙක් සමේ රෝගයකට බෙහෙතක් අරගෙන මෙයාට හොරි කියලා ඒක තැන තැන අහන් හිටපු කෙනෙක් කියනවා නම් මොකද වෙන්නේ?
හොර ගමනක්ද නැද්ද අදාල නෑ සියලු පාර්ශවයන් වයස 18 ට වැඩිනම් අනිත් අය ඒ ගැන කරදර වෙන්න ඕනෑ නෑ. ඔතන තියෙන්නෙ ඉරිසියාව තමන්ට නොලැබෙන අවස්ථාවක් වෙන කෙනෙකුට ලැබෙන එක ගැන.