IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලේලියගේ පැටිකිරියෙන් පුතාගේ රෙදි ගැලවිලා

තිහගොඩ උපසේන ලියනගම
සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද අනාවරණය වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උපනගරයක් ආශ්‍රිත නිවෙසකිනි.
මේ පුතා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එහි සේවය කරමින් සිටියදී දැනහඳුනාගත් වෙනත් ආයතනයක ලිපිකාරිණියක සමග දිගු කලක් ඇසුරු කර විවාහ වී තම නිවසේ පදිංචියට ආවේ මෑතකය.
බිරිඳ දකුණු පළාතේ උපනගරයකට සිය සේවා මාරුව ලබා ගත්තත් ඔහු අගනුවරම සේවය කරමින්  සති අන්ත නිවාඩුවල ගමට ආවේය. ඔහුගේ මවට මද කලකින්ම ලේලිගේ හැසිරීම් සිතට ඇල්ලුවේ නැත. ඒ අැය වැඩිපුරම මිතුරන් ඇසුරු කරන නිසාය.


පසුගිය වෙසක් දිනවල මෙහෙකාරියක සමඟ නිවසේ කාමර පිරිසිදු කරන විට ලේලියගේ  කාමරයේ සූට්කේසයක තිබී ඇයට ආ ලිපි මිටියක් නැන්දම්මාට අසුවිය. ඒ මහා පෙම් හෑලි ලියූ ලිපි මිටියකි.
නැන්දම්මාට දෙවියන් සිහි වී අගනුවර සිටින පුතා සති අන්තයේ ආ විටක ඔහුගේ සිතට කෝපයක් ඇති නොවන අයුරින් මේ බව කියා ලිපි මිටියද ඔහු අතට දුන්නාය.
මොහොතකින් ලජ්ජාශීලී වූ පුතා ‘‘මේව කවුද අම්මට දුන්නේ. මං ඉස්සර එයාට එවපු  ලියුම්  ටිකක්’’ කීමෙන් මවට තරු පෙනිණ.
‘‘එහෙමද ?’’ කියූ මව ඒවා ආපසු ඉල්ලුවත් පුතා ඒවා ගුලිකර ගත්තේ විනාශ කර දැමීමේ අරමුණෙන්ලු.



අදහස් (1)

ලේලියගේ පැටිකිරියෙන් පුතාගේ රෙදි ගැලවිලා

himal Monday, 16 October 2023 11:47 AM

රිප් වැන් වින්කල් කතාවක්. අද කාලේ මෙහෙම ලියුම් ලියන්නේ නෑ. අනික අම්මට බැරිද පුතාගේ අකුරු අඳුනගන්න?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site