මීරිගම විශේෂ - පුෂ්ප කුමාර මල්ලවආරච්චි
පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමත් සමග විභාගය අමාරුද ලේසිදැයි කියා වැඩිහිටියෝ බොහෝ දෙනෙක් දරුවන්ගෙන් ප්‍රශ්න කරති. මෙසේ ප්‍රශ්න කරන සියලුම දෙනාට දැනගනු පිරිස පහේ හපනෙක් අපූරු දැන්වීමක් නිර්මාණය කර ඇත.
“මම විභාගය ලිව්වා. ප්‍රතිඵල ගැන මගෙන් අහන්න එපා. විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අහන්න” යැයි නිවෙස ඉදිරිපිට දැන්වීමක් එල්ලූ පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට ලියූ දරුවකු පිළිබඳ පුවතක් සියනෑවේ ගම්මානයකින් ඉකුත් 15 වැනිදා සවස වාර්තා විය.
මෙම දරුවා පාසලේ දී විභාගය අවසන් කර නිවෙසට පැමිණීමෙන් පසු මෙම දැන්වීම එල්ලා ඇතැයි දැන ගන්නට ලැබිණි.
ඉගෙනුමට මෙන්ම බාහිර වැඩට පවා දක්ෂ මෙම දරුවා තමන් විභාගය ලිවීම සම්බන්ධයෙන් ඥාති හිතවතුන්ගෙන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම සඳහා මෙම උපක්‍රමය කර ඇතැයි මේ ගැන විමසූ අවස්ථාවේ දරුවා වැඩිහිටියකුට පවසා තිබිණි.
අද රටේ හැසිරෙන සමහර දෙනාගේ ක්‍රියාකලාපයට මේ දරුවාගේ දැන්වීම වැදගත් පාඩමක් වනු ඇති බව මේ පිළිබඳව අදහස් දැක්වූ විදුහල්පතිවරයෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්වය අමාරුද? ලේසිද? ප්‍රශ්නයට සිසුවකුගෙන් අපූරු උත්තරයක්