රක්වාන - ඩබ්ලිව්.ඒ. සිරිසේන
පෙම්වතියගේ ඇරියුම පරිදි ඇය හමුවීමට ගිය පෙම්වතකුට අනපේක්ෂිත අන්දමින් සිදුවූ විජ්ජුම්බරයක් පොතුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ දී අනාවරණය විය.
එකම ගමේ විසූ 19 හැවිරිදි තරුණියක් සහ විසි හැවිරිදි තරුණයෙක් වසර තුනක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියහ. එය වැඩිහිටියන්ගෙන් වසන් කරගෙන සිටීමට ද ඔවුහු සමත් වූහ.
ඔවුන් එකිනෙකා හමු වී පෙම් සුව විඳීමට තෝරාගෙන ඇත්තේ එක් එක් ස්ථානය.
සිද්ධිය වූ දින ඔවුන් හමුවීමට සැලසුම් කර තිබුණේ පෙම්වතියගේ නිවෙසින් පිටත තිබූ වැසිකිළියයි. මෙම හමුවීම එලෙස යොදා ගැනීමට පෙම්වතිය සැලසුම් කර ඇත්තේ එදින රාත්‍රි අටට පමණ ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක විකාශනය වන නාට්‍යයක් මව ඇතුළු පවුලේ උදවිය නොවරදවාම නැරඹීමට පුරුදුව සිටීම බව අනාවරණය වී ඇත.
අනතුරුව පෙම්වතියගේ උපදෙස් මත ක්‍රියා කළ පෙම්වතා රාත්‍රි අට පසුවී සුළු වෙලාවකට පසු පෙම්වතියගේ නිවෙස පිටුපස අඩක් වසා තිබූ වැසිකිළියේ දොර විවෘත කරත්ම ඒ තුළ සිටියේ පෙම්වතිය වෙනුවට ඇගේ මවය. ඒ මොහොතේ මව බියට පත්ව මහා හයියෙන් කෑගැසීමට වූයෙන් බියට පත් පෙම්වතා කරුවලේම හිස්ලූලූ අත දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් නොහැකිවය.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසිකිළියේ පෙම් හමුවටත් බාධකයක් වැටිලා