හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ගංවතුර ගැලීමෙන් පසු වැඩි ලාබයක් ලබා ගැනීමේ අරමුණින් ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ගබඩාකර සඟවා වෙළෙඳසල වසා තැබූ ව්‍යාපාරිකයකුට සොබාදහමෙන්ම දඬුවමක් දීමේ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
මැදිවියේ පසුවන මුදලාලිත් බිරියත් සිය ලාබය පමණක් ඉලක්ක කරගෙන වෙළෙඳාම සිදුකළහ.
රජයේ රැකියාවල නියුතු තරුණ දියණියන් දෙදෙනා මව්පියන්ගේ මෙම ක්‍රියා කලාපය සෑමවිටම ප්‍රතික්ෂේප කළත් මුදලාලිත් බිරිඳත් ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීම් තඹ සතේකට ගණන් නොගත්හ.
මාසයකට වැඩි කාලයක් ඇදහැළෙන වර්ෂාවද හේතුවක් කරගෙන බඩු හිඟයක් පෙන්වා මිල වැඩි කරමින් වෙළෙඳාම කිරීමට දෙදෙනාම කතිකා කරගත්හ. සේවකයන් හතර පස් දෙනකු වෙළෙඳසලේ සේවය කළද මුදලාලි හෝ බිරිඳ හෝ නොමැති කිසිම දිනයක වෙළෙඳසල විවෘත නොවිණි.
ගංවතුර අවදානමක් පිළිබඳව නිතර නිතර මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග කඩිමුඩියේ නගරයට ගිය මුදලාලි ලොරියක් පිරෙන්නට බඩු රැගෙනවිත් ගබඩා කළේය. වැසි තත්ත්වය දිනෙන් දින උග්‍රවීමත් සමග ගංවතුර අවදානමද වැඩිවිය.
සුළු ගංවතුර තත්ත්වයකට වුවද ජලයෙන් යටවන අල්ලපු ගම පිළිබඳව සිතමින් මුදලාලි කටයුතු කළ අතර වැසි වැඩිවීමත් සමග වෙළෙඳසල දින කිහිපයක් වසා තැබීමට සැලසුම් කළේ මුදලාලිට අසනීප බව අඟවමිනි. වැසිබර දිනයේ සවස් කාලය වනවිට අල්ලපු ගමේ හතරෙන් තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව මුදලාලිට ආරංචි විය. සවස හයට පමණ හදිසියේම වෙළෙඳසල විවෘත කර වෙළෙඳාම් සිදු කරන්නට පටන් ගැණිනි. රාත්‍රි කාලයේද පැය දෙකක් පමණ වැඩි මුදලට බඩු අලෙවිය සිදු කොට දෙදෙනා ගෙදර ගියේ මහ වැස්සේ තෙමීගෙනය.
රාත්‍රි කාලය පුරාවටම තද වැසි ලැබුණු අතර මුදලාලිට සහ බිරිඳට දවල් වන තෙක් නින්ද ගියේය. අසල්වැසියකුගේ විලාපයක් සමග දෙදෙනාම නැගිට ගොස් දොර ඇර සිද්ධිය පිළිබඳව විපරම් කළහ. මුදලාලි කඩේ යටවෙලායැයි පවසමින් අසල් වැසියා කෑගසද්දී යුවළට උන්හිටි තැන් අමතක විය.
වැස්සේ තෙමි තෙමී දෙදෙනාම කඩය දෙසට දිව ගියද ඒ වන විටත් වෙළෙඳසල අඩි අටක් පමණ ජලයෙන් යට වී තිබුණි. දියණියෝ දෙදෙනා පැමිණ මහ වැස්සේ තෙමි තෙමී හඬමින් සිටි මව්පිය දෙදෙනා නිවෙසට කැඳවා ගෙන ගියහ.
වෙළෙඳසල දින කීපයක් ජලයෙන් යට වී තිබුණු අතර නිවෙසට ඇමතුම් ලබා දෙමින් මුදලාලිට සනීපද කියා ඇතැමුන් විමසීම නිසා නිවෙසේ දුරකතනයද විසන්ධි කර ඇති බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණයක් අරගෙන තිබ්බා නම්?
ඔය මහත්තුරු බෞද්ධ කට්ටිය වෙන්න ඇතිනේ? මාත් කතාවක් අහලා තියෙනවා එක්තරා මනුස්සයෙක් වැස්ස එන්න කළියෙන් ආහාර රැස්කරලා වගා කටයුතු අවසන් කරලා බොහෝම සන්තෝසෙන් හිටියා.. වැස්ස කොපමණ දිනක් ඇද වැටුණත් පාඩුවක් නැහැ... සුරක්ෂිතයි. බුදුහාමුදුරුවෝ මේ කතාව අහලා ප්‍රශංසා කරලා සංසාරෙන් එතෙර වන්නත් මේ ක්‍රමය වුවමනා බව දේශනා කරා. මේ ව්‍යාපාරික මහත්මයා දක්ෂ මනුස්සයෙක්, අවස්ථාව දැකලා මුදලක් උපයාගන්න ක්‍රියාකරන එක ශූර ව්‍යාපාරිකයෙක්ගේ හැටි, ඒ අවස්ථාව අවුල් වුණාම ඒකට හිනාවෙන මෝඩ හැත්ත බෞද්ධ නොවේ, වීර්යවන්ත මනුස්සයෝ නෙවේ. කවදාවත් දියුණුවෙන මිනිස්සුත් නොවේ. අද වැහැලා ගංවතුර ආවා නම් ආයෙත් ඒකම වෙනවා... ඉතින් මම මේ මහත්තයාට දෙන අවවාදේ මෝඩයෝ හිනාවුණාට ගණන් ගන්න එපා... වතුර වදින්නේ නැති උස තැනකින් හොඳ ගබඩාවක් හදාගන්න කියලා කියනවා...!
ජීවිතයම මුදල් කරගන්න එපා අම්මේ, තාත්තේ...! එහෙම වුණොත් සතුට කියන දේ ඔබගෙන් දුරස් වෙලා යයි... සතුට තියෙන තැනට මුදල් ලැබෙනවා.