IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මගුල් ගෙයි නටද්දී කොණ්ඩෙ කැඩී මනාලියට අමුතු රැග් එකක් ලැබිලා

මාවරල පී.එස්.මද්දුමගේ
මේකප් නොමැතිව  මනමාල මහතාගේ නිවෙසට කැන්දන් ආ මනාලියක දැක ඥාතීන්  වික්ෂිප්ත වූ  කතාවක් දකුණු පළාතේ බටහිර ගිරුවාපත්තුවේ ගමකින් වාර්තාවේ. 
සිද්ධිය මෙසේය.
ඔහු ගැමි පරිසරයක ජීවත් වූ විවාහක වයස මුහුකුරා යමින් සිටි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය  11 වසරෙන් නිමා කළ හෙතෙම ඉඩමේ ඇති තේ වගාවෙන් සහ කිතුල් මල් මැදීමෙන් නිපදවන කිතුල් පැණි වෙළෙදාමෙන් ලබන ආදායමෙන් ජීවන වෘත්තිය ගෙන ගියේය.
කල වයස ඉක්ම යන නිසා සුදුසු විවාහයක් කර දෙන ලෙස මොහුගේ මව, ඇයගේ මල්ලීගෙන් කළ ඉල්ලීමකට අනුව දුර ගම්මානයක ජීවත් වන තරුණියක ගැන මගුල් ඔත්තුවක් ආවේය. මනාලිය බැලීමට මාමා සමග මෙම තරුණයා  එක් දිනක් මනමාලියගේ නිවෙසට ගියේය.


 දුෂ්කර ගම්මානයක ජීවත් වුවද, මනමාලිය ඉතා සුන්දර නිසාත්, දායාද සඳහා විශාල මුදලක් සහ දේපළ ලැබෙන නිසාත්, තමාගේ වයස  මුහුකුරා යන නිසාත්  විවාහය සඳහා ඔහු මනමාලියගේ මව්පියන්ට කැමැත්ත පළ කළේය. දෙපාර්ශවයේ යෝජනා පරිදි, සුබ නැකැත් ඇති ළඟ දිනයකදී විවාහ උත්සවය  මනාලියගේ ගමට ආසන්න නගරයේ සාමාන්‍ය උත්සව ශාලාවකදී  පැවැත්වීමට කටයුතු යෙදිණ.
දෙපාර්ශවයේ ඥාති මිත්‍රාදීන් සියයකට මංගල උත්සවයට ආරාධනා කිරීමටද කටයුතු යොදා තිබුණි. උත්සව දිනයේ   මංගල  උත්සවයේ  චාරිත්‍ර වාරිත්‍ර  අවසන් කර, කෑම බීම සංග්‍රහ විඳීමෙන් පසුව  මදුවිතෙන්, බමන මතින් උද්දාම වී සිය රංගන කුසලතා එළදැක්වීමේදී යහළු පිරිස කළ ඇරියුමට මනමාලියටද මනමාල මහතාටද නටන්නට සිදු විය.


දීර්ඝ වේලාවක් නැටුම පැවැති අතර, පිරිස අතරින් හිටි හැටියේ මනමාල මහත්මිය අතුරුදන්වීමක් සිදු විය. මේ නිසා මනමාල මහතාද අන්ද මන්ද වී මනමාල මහත්මිය සොයන්නට විය. හෝටලය සිසාර සොයා බැලු‍වද මනාලිය නොවූ නිසා, මේකප් කිරීමට උපයෝගී කරගත් හෝටල් කාමරයට ගොස් විපරම් කළේ සැකයටය. හිස මුඩුකරගත් මනාලිය දැක මනමාල මහතා පුදුමයට පත්විය. “ඇයි මේ මොකද..? ඔහු ප්‍රශ්න කළේය. 
ලජ්ජාවෙන් ඇඹරෙමින් හිස එසවූ මනමාලිය,“නටන අතරේ මගේ බොරු කොණ්ඩය කාගෙද අතක් වැදී ගැලවිලා විසි වුණා. ඒක අහුලා ගෙන තියාගන්න බැරි වුණා. ඔයාට ලජ්ජාවෙන නිසා මම කාමරයට ආවා. මගේ හිස කෙස් උදුගොව්වො කෑම නිසා බොරු කොණ්ඩයක් පාවිච්චි කරලයි සිටියේ. ඔයාටවත් ඒ බව මම කිව්වෙ නැත්තෙ කලක් යන කොට හිසකෙස් වැවෙයි කියා වෙද කම් කළ අය කී නිසයි. අනේ  අපි දැන් ගෙදර යමු.   නෑදෑයන්ට හොරා ගෙදර යමු...”ඇය පිංසෙන්ඩු වූවාය.
සිදු වීම ගැන කනගාටුවටත්, ලජ්ජාවටත්,පත් වූ මනමාල මහතා,“කමක් නෑ”  කියද්දීම මනමාලියගේ මව විසි වී හෝටලයේ මුල්ලක තිබූ දියණියගේ බොරු කොණ්ඩය කාමරයට ගෙන ආවාය. ප්‍රශ්නයට විසදුමක් ලැබුණ නිසා ඇයත් ඔහුත් උත්සව සභාවට එක් වූහ.

 



අදහස් (2)

මගුල් ගෙයි නටද්දී කොණ්ඩෙ කැඩී මනාලියට අමුතු රැග් එකක් ලැබිලා

Sudarshika Friday, 27 October 2023 02:44 AM

මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නට දෙන්නා ආදරෙයි නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

:       2       19

ලප කුමාර අනුර Friday, 27 October 2023 02:21 PM

අද කාලේ සිදුවීම් බැලුවාම ඕකත් කජ්ජක්ද? කොන්ඩේ නැති වුනත්. ලස්සන පියකරු මුහුණක් තිබේ නම්... අනික් අවයව ලස්සනට තිබේනම්... දෙන්නාම ආදරයෙන් ඉන්න පුළුවන්...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site