ගෝඨා ගේ කළු පටියෙන් බේරී ඇවිත් ගමට බහිද්දී අම්බානක කාලා ගාලු මුවදොර අරගල බිමේ අරගලකරුවන්ගෙන් බේරීමට බිම වැටී තිබූ ‘ගෝඨා ගෝ හෝම්’ කළු පටියක් හිසේ බැඳගෙන ඔවුන්ගෙන් බේරී ගමට ගිය පොදුජන පෙරමුණු ක්‍රියාකාරියකුට ගමේ ජනතාවගෙන් ලැබුණු ගුටි පූජාවකින් ඇඳි වතත් නොමැතිව ගෙදර යාමට සිදුවූ පුවතක් කුරුණෑගලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 13 May 2022
සබන් ගා නාලා සතියක් ගෙදර නැවතිලා විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. 12 May 2022
අරගල භූමියට ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා අරගල භූමියට ගිය දියණිය වැල්ලේ රෑන පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 10 May 2022
තෙල් පෝලිමේ හිටියාටත් ත්‍රිරෝද රියැදුරා ගාන කපාගෙන පෙට්‍රල් ලබා ගැනීම සඳහා රියැදුරා පෝලිමේ ගතකළ දවස වෙනුවෙන් කුලියද සමඟ ත්‍රිරෝද රථයේ ගාස්තුව ගෙවන්නට කුලී ගමනක් ගිය පුද්ගලයකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි 09 May 2022
මනාලයා ගෙදරට එද්දී මනාලිය අරගලයට ගිහින් තම අනාගත සහකාරිය බැලීමට ඥාතීන් ද සමග මනමාලියගේ නිවෙසට යනවිට මනාලිය තවත් හිතවතියන් පිරිසක් සමග ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට ගිය පුවතක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 07 May 2022
ත්‍රිරෝද රියට පැණි බීම දාලා ත්‍රිරෝද රථ රියැදුරකු පෙට්‍රල් යයි සිතා ත්‍රි රෝද රථයේ ඉන්ධන ටැංකියට පැණි බීම දැමීමේ පුවතක් තලවකැලේ නගරය ආසන්න වතු ප්‍රදේශයකින් වාර්තා විය. 05 May 2022
බීලා රිය පැදවූ පුතාට ඇප දෙන්න ආ තාත්තාත් බීලා අසුවී එකම කූඩුවේ බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවේ පසුවන පුතාට ඇප ලබාගැනීමට පැමිණෙමින් සිටි පියා ද බීමතින් රිය පැදවීමේ වරදට හසුව පිය පුතු දෙපළටම එකම සිර මැදිරියේ රැය ගත කරන්නට සිදු වූ පුවතක් 1 වැනිදා වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා විය. 04 May 2022
ලෙඩා ඇඳේ සිටිද්දී සාත්තුවට ආ දෙන්නා ජෝඩු දමා රෝන්දේ ගිහින් ආබාධිත පිරිමි හා කාන්තා රෝගීන් දෙදෙනකු රැක බලාගැනීම සඳහා රෝහලක යාබද වාට්ටු දෙකක රැඳී සිටි තරුණියක හා තරුණයකු හාද වී තමුන්ගේ රෝගීන්ට උපස්ථාන කිරීම පසෙක තබා දිවා කල රෝන්දේ ගිය බව කියැවෙන පුවතකි. 03 May 2022
මීයෙක් සිංදු අහන්න ගිහින් සැමියාට දවල් තරු පෙනිලා මියා පණ පිටින් බේරන්න ගොස් වටිනා කැසට් රෙකොඩරයක බෆලය අහිමි කරගත් අපුරු හාදයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 02 May 2022
ආප්ප කඩේ රන් මැණිකගෙ පස්සට තට්ටු දැම්මටත් ගානක් අයකරලා රන් මැණිකා මැදිවියේ පසුවෙන කාන්තාවක් වුවද වරක් දුටු අයෙකුට නැවත වරක් බලන්නට හිතෙන තරමේ රූ සපුවකින් හෙබි ගැහැනියකි. මහ මග අසල වූ තේ කඩය ඇගේ නිවහන පමණක් නොව ජීවනෝපාය සලසා ගන්නා ස්ථානයද විය. 30 April 2022
ශාන්තියට ආ කපුරාළ බඩු මුට්ටු බිල්ලට අරගෙන දේවාලයක කපුවකු ලෙස පෙනීසිටිමින් අසනීපව සිටි විශ්‍රාමික යුවළකට විවිධ යාතිකා ශාන්තිකර්ම සිදුකර නිවසේ තිබූ වටිනා භාණ්ඩ සහ උපකරණ රැගෙන ගොස් ඇති අපූරු ආවතේවකරුවකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 30 April 2022
රාලහාමි දුටු යතුරු පැදිකරු වැරැද්ද මාට්ටු වෙතැයි පැන දුවලා කොළඹ ජනාකීර්ණ නගරයක ප්‍රධාන මාර්ගයක සවස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හසුරවමින් සිටි රථවාහන පොලිස් කොස්තාපල් දැක කලබල වූ තරුණ යතුරුපැදිකරුවකුට උතුර දකුණ මාරුවී මාර්ගයේ විරුද්ධ දිසාවට ධාවනය කරනු දක්නට ලැබිණි. 30 April 2022
සැමියාගේ ආලිංගන රැඟුම දුටු මායියා යක්ෂාවේශවෙලා එළිමහන් වේදිකාවේ රඟපෑමට ගොස් අලි අමාරුවක වැටුණ වඩු බාස් උන්නැහැ කෙනෙකු ගැන කුරුණෑගල ගමකින් දැන ගන්නට ලැබුණි විනෝදකාමියකු මෙන්ම පැරණි ටීටර්වල රඟපාන නළුවෙකි. ඔහු විවාහකයකු වුවද වෙනත් කාන්තාවන් සමගද ආලවන්තකම් පෑමද රහසක් නොවේ. ඒ ගැන ගමේ හැමෝම දනිති. 30 April 2022
මිතුරාගේ යතුරු පැදිය උකස් තබා ලක්ෂපතියකු වෙලා හදිසියේ රෝගී වූ තම දරුවා රෝහලකට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරු පැදියක් උගසට තබා ලබා ගත් මුදලින් ඔට්ටු අල්ලා ජයග්‍රහණය කොට යතුරු පැදිකරුට ද රුපියල් දස දහසක සන්තෝසමක් දීමට තරම් ක්ෂණික ලක්ෂපතියෙකු වූ පුද්ගලයකු පිළිබඳ කියවෙන පුවතකි. 30 April 2022
දුවගේ අවුරුදු කිරිබතෙන් වැඩිහිටියාට වස ලැජ්ජාවක් මාතර මොරවක් කෝරළයේ ඈත ගම්මානයක් වූ දියදාව ගම්මානය අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන පිරිසක් වූහ. 30 April 2022
පුතුගේ පෙම් ගින්න නිවන්න ගිහින් අම්මා ඇදගෙන නාගෙන ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් කන්නේ බොන්නේ නැතිව කල්පනා කරමින් සිටින පුතාට අසනීපයක්වත් සෑදේ යැයි සැක සිතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පාසල් ශිෂ්‍යාවක කැන්දාගෙන ඒමට කතිකා කර ගැනීමට නිවෙසකට ගොස් ඇතැයි කියන මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 29 April 2022
කකුලේ අමාරුවට ගෙදර සිටි සැමියා බඹරු දැකලා පිම්මේ දුවලා පාදයක ආබාධයක් ඇතැයි පවසමින් නිවෙසේ කටයුතු මග හරිමින් තම ඥාතීන්ගෙන් ඇප උපස්ථාන ලබමින් ඥාතීන් පමණක් නොව ප්‍රදේශවාසීන් ද මුළාවට පත් කරමින් සිටි පුද්ගලයකු නිවෙසට බඹර රංචුවක් කඩා වැදුණු පුවතක් අසා අතේ තිබූ අත්වාරුව ද විසි කර නිවෙසේ සිටි තම ඥාතීන් ද පෙරළා දමා හැල්මේ දිවූ බව කියවෙන පුවතකි. 28 April 2022
අලුත් කූඩුවකට රිංගන්න ගිහින් තිබුණ කූඩුවත් නැති කරගෙන බාල වයස්කාර දරුවන් තිදෙනා තනිකර අනියම් සැමියා සමග ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ හක්මන පොලිසියෙන් වාර්තාවේ. 27 April 2022
බොරු ලෙෙඩන් අලි අමාරුවක ගුරු වර්ජනයට සහය දැක්වීමට අසනීප නිවාඩු දැමීම සඳහා විදුලි පණිවිඩයක් යැවීමට තැපැල් කාර්යාලයට ඊයේ (25 වැනිදා) ගිය ගුරුවරයකු අලි අමාරුවක වැටුණු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 26 April 2022
ත්‍රිරෝදය පෝලිමේ තියා තෙල් ගන්න ගිහින් ජංජාලයක් ගම්පහ නගරයට නුදුරු ප්‍රදේශයක පිහිටි ඉන්ධන පිරවුම්හලකට පෙට්‍රල් රැගෙන විත් ඇති බව සැලවීම මත, බූලියකට පෙට්‍රල් ගැනීම පිනිස ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු රථය, ත්‍රිරෝද රථ පෝලිමේ තබා යාමෙන් ජංජාලයක් සිදුවූ ආකාරයක් දක්නට ලැබිණි. 25 April 2022
හොරේ අසුවුණ බිරිඳගෙන් සැමියාට කුඩ පූජාවක් අපේ අග නගරයේ පිහිටි රජයේ එක්තරා කාර්යාලයකි. එම කාර්යාලයේ සේවය කරන විවාහක මහතෙකු පුරුද්දක් වශයෙන් සිය නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට යන්නේ සිය කාර්යාලය අසල තිබෙන මහල් හයකින් සමන්විත රජයේ කාර්යාලයක ඉහළම මහලේ පිහිටි ආපන ශාලාව වෙතය. 23 April 2022
කොටන්න ගෙනා වී ගෝනියෙන් රත්තරන් මතුවෙලා හංවැල්ලට නුදුරු වී සහල් කරන (වී කොටන) ස්ථානයකින් රන් මාල හමුවීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධිය මෙසේය. 22 April 2022
හතළිහේ ටිකැට්ටුවට සීයක් දුන් මගියාට දඬුවමක් දීලා රුපියල් හතළිහක්වූ ටිකට් පතට රුපියල් සියයේ කොළයක් දුන් වරදට ඉතිරි මුදල් ලබා ගැනීමට මඟියකුට දුම්රිය එනතුරු ප්‍රවේශපත් කවුළුව ඉදිරිපිට සිටගෙන සිටීමට සිදු වූ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 21 April 2022
තෙල් ගහන්න ගිහින් කතක් යකා නටලා ඉන්ධන මිල ඉහළ ගිය බව නොදැන තම මෝටර් රියට පෙට්‍රල් ලබා ගැනීමට ගිය කාන්තාවක ඊයේ 19 වැනිදා උදෑසන පිරවුම්හලේ දී යකා නැටූ පුවතක් වාර්තා වේ. 20 April 2022
පොලී මුදලාලි දැකලා මැරතන් ශූරයා කැලේ පැනලා අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගයට එක්වූ තරගකරුවකුට අතරමගදී පොලි මුදලාලි හමුවීමෙන් පසු තරගය පසෙකලා වෙනත් මගක් ඔස්සේ නිවසට ගිය පුවතක් පසුගියදා වාර්තා විය. 19 April 2022
අලුත් අවුරුදු තුඩු පඬුරට මන්ත්‍රී හිතවතාට තරු පෙනිලා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙතැයි සිතූ තුටු පඬුරෙන් භාගයක ඉන්ධන ගසාගෙන ඉතිරි භාගයෙන් බාගයක් ගැසීමට සිතා වාහනයෙන් පැමිණි අයකුට අලුත් අවුරුදු දා අතිනුත් පාඩු විඳ මහජන නියෝජිතයාගේ මවුපියන් සිහි කර කර ගිය තැනැත්තකු පිළිබඳව අපූරු පුවතක් දකුණෙන් අසන්නට ලැබේ. 18 April 2022
රටේ හැටි ෙනාදැන කට ගැසූ ලොක්කාට යාචකයකුගෙන් පාඩමක් යාචකයාගේ වදනින් උන් හිටි තැන් අමතක වූ ආයතන ප්‍රධානියකු ජාමේ බේරාගෙන නික්ම ගිය පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් අසන්නට ලැබුණි. 13 April 2022
සර්ට ලෝක ලෙඩක් වැටෙන්න ගිහින් හදිසියේ ක්ලාන්ත බවට පත්වූ උපකාරක පන්ති ගුරුවරයකු මහ මග අයිනේ තිබූ දන්නා හඳුනන අයකුගේ නිවෙසට නොදන්වාම ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය මහත් අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පුලතිසිපුරය පෙදෙසින් පසුගියදා වාර්තා විය. 12 April 2022
විදුලි මණ්ඩලේ නමින් හොර නළුවෙක් ඇවිත් විදුලි මීටරය පරීක්ෂා කිරීමට විදුලි බල මණ්ඩලයෙන් පැමිණි බවට පවසා නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකු ගෙහිමි කාන්තාවගේ ජංගම දුරකථනය සහ රුපියල් තුන් දහසක් රැගෙන පලාගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ. 11 April 2022
ඉස්කෝලෙ මහත්තයා පඩි බාගේ ප්‍රසූත නිවාඩු ගිහින් අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුවක් හිමිවූ ගුරුවරයකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබෙයි. 09 April 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026