IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොරෝනාවෙන් පරිස්සම්වෙන්න ගිය බෑනා නැන්දම්මාගේ ඇඟ මත පතබෑවිලා

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
කොරෝනා වෛරසයෙන් ඕනෑවට වඩා පරිස්සම් වීමට ගොස් මහ රෑ නැන්දම්මාගේ ඇඟමතට බෑනා ඇද වැටීමෙන් සිදු වූ අකරතැබ්බයක් අම්පාරේ ඈත එපිට ගමකින් වාර්තා වේ. 


 සිද්ධිය මෙසේය.  
ඔහු තරමක් තරබාරු මිටි පුද්ගලයෙකි. කොරෝනාවට දැඩි බියක් දැක්වූ  ඔහු සෞඛ්‍ය නීති රීති පළිපදිමින් කටයුතු කළ අ‍යෙකු විය.
ඒ අනුව දරු ප්‍රසූතියට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ ආරක්ෂා කර ගැනීමට ඔහු වැඩි අවධානයකින් පසු විය. 


මෙම නිවසේ ඉඩ පහසුකම් අඩු නිසා බිරිඳගේ ආරක්ෂාව සඳහා ඔහු නිදා ගත්තේ ඇ‍ඳේ කොනට වන්නටය. බිරිඳ බිත්තිය අයිනේ නිදා ගත්තාය. 


මේ අතර මෙම ගැබිනි දියණිය බැලීමට තම බාල දියණිය ද සමග නැන්දම්මා එම නිවසට පැමිණියාය. 
නිතර බුලත් සපන්නෙකුවන බෑණා රාත්‍රි අාහාරගෙන බුලත් විට සපමින් සතුටු සාමිචියේ යෙදී රාත්‍රි නින්දට ගොස් ඇත. 
සැමියා සහ බිරිඳ වෙනදා මෙන්ම ඇඳේ මීටරයක දුරින් නිදා ගත් අතර මව සහ දියණිය ඇඳ පාමුල පැදුරක් එලා නිදාගත්හ. 
මහරෑ නිදි මතේම ඇඳ අයිනේ තවත් ඉඩ ඇති බව සිතාගත් බෑනා එක් වරම හැරෙන විට බිම නිදාගෙන සිටි නැන්දම්මාගේ ඇඟමත පතිත වූයේ කෙසෙල් ගසක් කපා දැමුවාට සමානවය. 


‘අනේ පුතේ....! මේ මොකද වුණේ?‘ කියමින් නැන්දම්මා කෑ ගසද්දී  නැගිට ගත් බෑනා ‘මං හිතුවේ ඇඳේ තවත් ඉඩ ඇති කියලා හිතා මතා කළ වැරැද්දක් නෙවෙයිනේ ‘ කියමින් සමාව අයැ ද සිටියේය.


එහෙත් මෙහිදී තවත් සිද්ධිකට නැන්දම්මා මුහුණ පෑවාය. ඒ තම බෑනා ‍බුලත් විට කා කෙළ ගැසූ පඩික්කම පෙරළී නැන්දම්මාගේ මුහුණ බුලත් කෙළවලින්  නෑවී යාමය.


මේනිසා අලුයම දෙකට පමණ නැන්දම්මාට දියනා පිරිසිදු වීමට සිදුවිය. මෙම සිද්ධිය ඇගේ දියණිය විසින් පසුව දා යාබද ඉඩමේ පදිංචී කාන්තාවට පැවසීමෙන් පුවත ගම පුරා පැතිර ගියේය. 

 



අදහස් (1)

කොරෝනාවෙන් පරිස්සම්වෙන්න ගිය බෑනා නැන්දම්මාගේ ඇඟ මත පතබෑවිලා

jilmart Sunday, 26 June 2022 08:13 PM

දෝණියන්දාව කසාද බන්ද ගත්තෙත් නැන්දම්මා නිසා නේද? ඉතින් ඕක මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site