මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
කේන්දරයක පලාපල විස්තරයක් බැලීමේ ගාස්තුව ඉන්ධන ලීටර් දෙකකින් ගෙවන ලෙස කළ දැනුම්දීමෙන් පසු කේන්දරය බලවා ගැනීම පසෙකලා ආපසු ගිය කාන්තාවක පිළිබඳව මීරිගමට නුදුරු ගම් පියසකින් වාර්තාවිය.
තම දරුවාගේ කේන්දරය බලා ගැනීම සඳහා මෙම කාන්තාව ගියේ තමන් දන්නා හඳුනන පලාපලකරුවකු වෙතය. වේලාපත්කඩය ඉදිරිපත් කළ ඇය පලාපල විස්තරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ පෙර පුරුදු පරිදි පඬුරු මුදලක් තැබූ බුලත් අතක් සමගය.
අනේ නෝනා බුලත් එපා මං දැන් සල්ලි ගන්නේ නැහැ. ඔහු කීය. ඔහු විහිළුවක් කරතැයි සිතු ඇය සල්ලි නැතිව වී ගෙනත් දෙන්නදැයි විමසුවේ සිනා සෙමිනි. ඊට පිළිතුරක් නැති තැන ඇය යළිත් විමසා සිටියේ දැන් අය කරන මුදල වැඩි කරලාද කියාය.
අනේ නැහැ. නෝනා මං දැන් අය කරන්නේ පෙට්‍රල් හා ඩීසල්වලින් විතරයි ඔහු කියද්දී කාන්තාව විපිලිසර වූවාය. සල්ලි දීලා රත්තරන් ගන්න පුළුවන් වුණත් දැන් පෙට්‍රල් ඩීසල් හොයා ගන්න බැහැනේ ඒ හින්දා පලාපල ගෙනියන්න එද්දී පෙට්‍රල් ලීටරයක් දෙකක් විතර අරගෙන එන්න. වැඩිය ගේන්න පුළුවන් නම් මම ඒවාට සල්ලි දෙන්නම් යැයි කීවේය. මේ මොන මරාලයක්දැයි කී කාන්තාව කේන්දරයද රැගෙන ආපසු ගියේ පලාපලකරුට දුන් බුලත් අතද පැත්තකින් තබමිනි.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේන්දර බලන ගාස්තුව ඩීසල් පෙට්‍රල්වලින් ඉල්ලලා