IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොරෙන් ඇද්ද තෙල් අයිතිකරුටම කරකැවී ඇවිත්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අවශ්‍යතාවක් සඳහා නතර කර ගිය යතුරු පැදියේ ඇද්ද තෙල් යතුරු පැදි අයිතිකරුටම අලෙවි කළ දෙදෙනකු පිළිබද ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මේ දිනවල තෙල්වලට ඇත්තේ පුදුම ඉල්ලු‍මකි. මේ දෙදෙනා එදා මහ මග ජන ශුන්‍ය ස්ථානවල නතරකර තිබෙන යතුරු පැදියක තෙල් ඇද්දාහ. 


මේ දෙදෙනා  යතුරු පැදියෙන් තෙල් අදිනු දෙතුන් දෙනකු දැක්කත් මහා පාරේ තැනින් තැන බට දමා යතුරු පැදිවලින් තෙල් ඇදීම සාමාන්‍ය දෙයක් වී ඇති නිසා ඔවුහුද එය දැක්කා නොදක්කාමෙන් එතනින් ගියහ.


ඒ අතරතුර ඇද්ද තෙල් බෝතලයත් සමග ඔවුන් දෙදෙනාද එතැනින් වාෂ්පවී ගියේ ගණදෙවි නුවණද ප්‍රයෝජනයට ගෙනය.


ඔවුනට අවශ්‍යවී තිබුණේ ඇද්ද තෙල් බෝතලය කාහටවුවද කීයකට හරි විකුණා සල්ලි සොයා ගැනීමටය. ඒ අරමුණ ඔස්සේ ගිය ඔවුන් දෙදෙනා ඉදිරියට ආවේ යමක් කමක් ඇතැයි සිතිය හැකි අයෙකි. ‘‘හා අයියේ අපි පෝලිමේ ඉදලා බොහෝම අමාරුවෙන් තෙල් ටිකක් ගත්තා. අපි ඉතින් ගන්නේ පොඩි සම්තින් එකක් හොයා ගන්න. ඔයාට ඕනෑනම් මේ ගානට දෙන්නම්’’ කියා ඔවුන් පැවසුවේ තමන් අපේක්ෂා කළ තෙල් බෝතලයට වඩා අඩු මුදලකටය.  අතට පැමිණි වාසිය කොහෙත්ම අත හරින එක මෝඩකමක් යයි සිතු ඔහු තෙල් බෝතලය මිලදී ගත්තේය.


සිය යතුරු පැදිය ළඟට ගිය ඔහුට එහි තෙල් බටය ගලවා තිබෙනු දක්නට ලැබිණ. යතුරු පැදිය නතර කර තිබූ තැන තෙල් බිම වැටී තිබෙනුද ඔහුට දක්නට ලැබුණේය. 


සිදුවූදේ තේරුම් ගැනීමට වැඩිවෙලාවක් ගත නොවූ ඔහුට යතුරු පැදිය යළි සක්‍රිය කිරීමට හැකිවී ඇත්තේ සිය යතුරු පැදියෙන් ඇද මිලදී ගත් තෙල් දැම්මායින් පසුවය.



අදහස් (0)

හොරෙන් ඇද්ද තෙල් අයිතිකරුටම කරකැවී ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site