IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා

ඔහු  නගරබද ජීවත්වෙන විසිපස් වියැති තරුණයෙකි. රැකියාව වාහන සර්විස් ආයතනයකය. ගම්බද තරුණියක වූ ඔහුගේ පෙම්වතියගේ උවමනා එපාකම් ඔහු නිතර සොයා බැලුවේය. වැටුප් ලද විට ඇයට ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ගෙනවිත් දීම ඔහුගේ සිරිතය.


කාලයක් ගතවිය. අඩු ආදායම් ලාභි පවුල්වලට රජයෙන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පෙම්වතියට ද රැකියාවක් ලැබිණි. එය ගමේ රෝහලේ සාත්තු සේවිකාවක වශයෙනි. රැකියාව ලැබී මසක් ගත වූයේ නැත.  ඇය වෙනස් වන්නට වූවාය.


දිනපතා රාත්‍රියේ දුරකතනයෙන් ආදර බස් දොඩන ඇය නිහඬ වූවාය. පෙම්වතා කතා කළ විට ඇය පැවසුවේ වැඩට යන හින්දා හරිම මහන්සියි. පස්සේ කතා කරන්නම්’’ යනුවෙනි. ඔහුට ඇයගේ වෙනස්වීම ප්‍රහේලිකාවකි. දිනක් ඇය පෙම්වතාගේ සේවා ස්ථානයට පැමිණියේ තවත් තරුණයකු සමඟ ඔහුගේ යතුරුපැදියෙනි. පෙම්වතා ළඟට පැමිණි ඇය,‘‘ඔයා වාහන හෝදනවා දකින කොට මට හරිම ලැජ්ජයි. මම ආවේ අපේ සම්බන්ධය නතර කළා කියන්න. ආයේ මට කෝල් කරන්න එපා. අර මෝටර් සයිකලේ ඉන්නේ මම බඳින්න ඉන්න කෙනා. එයත් වැඩ කරන්නේ මාත් එක්ක. ගෙදරිනුත් අපට කැමතියි’’යැයි පවසා පිටව ගියාය.


මෙය අසා සිටි පෙම්වතාගේ මිතුරෙක්, ‘‘එයා හිතලා ඇති එයාට හොඳ ජොබ්  එකක් හම්බ වුණා කියලා. ඒකත් කම්කරු රක්ෂාවක්.’ යනුවෙන් පවසා මිතුරාගේ හිත සැනසුවේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය. 

 



අදහස් (0)

පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 701 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17873 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site