බිස්නස්වල තිබෙන්නේ අඩුවීමක්
මේ දිනවල වෙළදාමේ තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. වෙෙළදාමේ තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කිරිබත්ගොඩ පාවහන් වෙෙළඳසැලක් වූ නයිල් ෂූ ස්ටයිල් වෙතය. එහි හිමිකරු වූ දිනේෂ් කුමාර සුමනපාල මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.