මේ දවස්වල නම් බිස්නස් හොඳයි
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්රදේශවලට ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල නගරය වෙතය. ක්රීඩා උපකරණ සහ ක්රීඩා ඇඳුම්, සපත්තු වෙළෙඳසැලක් වූ Charli’s Sports වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ මොහොමඩ් උසාමා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.