IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සැප්තැම්බරයේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6 ක හිඟයක්

හිඟයට හේතුව ආනයන වියදම ඩො. බි.2 ඉක්මවීමයි
පළමු මාස 8දී මෙරට ජංගම ගිණුම අතිරික්තයක්
පළමු මාස 9 දී සමස්තයක් ලෙස මෙරට ජංගම ගිණුමේ ඩො.බි.1.85 ක අතිරික්තයක්
පළමු මාස 9 දී මෙරට වෙළෙඳ ශේෂය ඩො.බි. 5.17 දක්වා වර්ධනය වෙලා
සැප්තැම්බර් මාසයේ පමණක් වෙළෙඳ ශේෂය ඩො.මි.910.1 දක්වා වර්ධනය වෙලා


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 8 තුළ මෙරට ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කළත් පළමු වරට පසුගිය සැප්තැම්බර් මාසයේදී ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් මිලියන 182.6 ක හිඟයක් වාර්තා කර ඇති අතර එය 2024 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.3 ක වර්ධනයකි. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ජංගම ගිණුමේ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 178.4 ක් විය.
කෙසේ වෙතත් මෙම වසරේ වසරේ පළමු මාස 9 දී සමස්තයක් ලෙස මෙරට ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක අතිරික්තයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව සියයට 29 ක වර්ධනයක් වූවේය. පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.43 ක් විය.
මෙම වසරේ පළමු මාස 9 තුළ මෙරට වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.17 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.20 ක් වූවේය.
ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක ඉක්මවීම හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගොස් ඇත. එයට ප්‍රධාන වශයෙන් වාහන ආනයන වියදම ඉහළ යාම හේතුවක් වී තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ පමණක් වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 910.1 දක්වා වර්ධනය වී ඇති අතර 2024 වසරේ සැප්තැම්බර් මාසයේ වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 634 ක් විය.
ආනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා අපනයන මිල ගණන් ඉහළ ගිය බැවින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය වී තිබෙන බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
මෙම වසරේ පළමු මාස 9 දී මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 10.21 ක වෙළෙඳ භාණ්ඩ අපනයනයක් සිදුකර ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 7.3 ක වර්ධනයකි. එසේම මෙම වසරේ පළමු මාස 9දී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.38 ක් වී ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 12.2 ක වර්ධනයකි.

පසුගිය වසරේ පළමු මාස 9 දී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.51 ක් වී තිබූ අතර වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.71ක් වී තිබුණේය.
මෙම වසරේ පළමු මාස 9දී මෙරට වෙළෙඳ භාණ්ඩ හා සේවා මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.5 ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. එහිදී පළමු මාස 9 තුළ මෙරට සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් බවද එම දත්ත වාර්තාවේ සඳහන් විණි.
එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.13 ක් වී ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 12.5 ක වර්ධනයක් විය. එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.04 ක් වී ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 24.5 ක වර්ධනයකි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.01 ක් වී තිබූ අතර වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.64 ක් වී තිබිණි.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී සමස්ත සේවා සහ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.64 ක් වී ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 8.7 ක් වර්ධනයක් වී ඇති අතර එහිදී සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 503 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා ඇත.
මෙම වසරේ මුල් මාස 9 තුළ මෙරට සේවා අංශයේ ශුද්ධ ලැබීම් සුළු වශයෙන් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 දක්වා වර්ධනය වී ඇත.
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළවල් දෙකම ආවරණය කරමින් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
එසේම විදේශ ණය ගෙවීම් මධ්‍යයේ දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 සීමාවේ පැවැතී ඇත. එසේම මෙම වසරේ පළමු මාස 10 දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියල සියයට 3.9 කින් අවප්‍රමාණය වී ඇත.

 

 



අදහස් (1)

සැප්තැම්බරයේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 182.6 ක හිඟයක්

ගුණරත්න Monday, 03 November 2025 03:43 PM

ණය ගෙවීම් පටන්ගන්නකොට ආණ්ඩුවට සිද්ධ වෙන්නේ අලුතෙන් ණය අරගෙන පරණ ණය ගෙවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 178 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2064 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1584 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site