IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ජෝන් කීල්ස් සමූහය දෙවැනි කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් පෙන්වයි

  • සමූහයේ EBITDA අගය රැ. බිලියන 18.3 දක්වා දෙගුණ වෙයි
  • දෙවැනි අර්ධයේදීද ප්‍රබල වර්ධනයක් අපේක්ෂා කරයි

ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

ජෝන් කීල්ස් සමූහය, 2025 සැප්තැම්බර් 30 න් අවසන් වූ කාර්තුව සඳහා සිය මෙහෙයුම් කාර්යසාධනය තුළ ශීඝ්‍ර වර්ධනයක් වාර්තා කර ඇතැයි පවසයි. ඒ අනුව සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ වත්කම් කල්පිරීම්වලට පෙර ඉපැයීම් (EBITDA), පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 8.09 සිට සියයට 127 ක වර්ධනයක් අත්කර ගනිමින්, රු. බිලියන 18.36 ක් ලෙස සටහන් විය. 

2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා සමුච්චිත සමූහ EBITDA අගය, පෙර වසරට සාපේක්ෂව සියයට 98 ක වර්ධනයක් සමගින්, රු. බිලියන 31.33 ක් ලෙස වාර්තා වී තිබේ. ව්‍යාපාර අංශ කිහිපයකම පවතින දැඩි සෘතුමය බලපෑම සැලකිල්ලට ගත් විට, මූල්‍ය වර්ෂයේ දෙවැනි භාගයේ කාර්යසාධනය, පළමු භාගයට වඩා තවදුරටත් යහපත් වනු ඇතැයි සමූහය අපේක්ෂා කරන අතර 2024/25 සම්පූර්ණ මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන EBITDA අගය රු. බිලියන 45.69 ක් විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, “සමස්තයක් ලෙස ගත් විට සමූහයේ ව්‍යාපාර ගම්‍යතාව තවදුරටත් ශක්තිමත්ව පවතිනවා. එතැනදී අපගේ මහා පරිමාණ ආයෝජන මේ වනවිට සිය ප්‍රතිඵල ලබාදීම ආරම්භ කර තිබීම හේතුවක්. මේ වත්මන් කාර්යසාධන ප්‍රවණතාව පදනම් කරගත් විට එය පසුගිය මූල්‍ය වර්ෂයේ පෙන්නුම් කළ වර්ධනයට වඩා වැඩි වර්ධනයක් මෙම මුල්‍ය වර්ෂයේදී දැකගත හැකි වේවි.“ යනුවෙන් පවසා සිටියි. 

මේ අතර ලාභදායීත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් මෙම කාර්තුව සඳහා බදු පෙර ලාබය (PBT), පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 2.27 සිට සියයට 243 කින් ඉහළ යමින්, රු. බිලියන 7.80 ක් ලෙස සටහන් විය. බදු පසු ලාබය (PAT) ද සියයට 176 කින් රු. බිලියන 4.20 ක් දක්වා වර්ධනය විය. 

“සමූහය පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගිය EBITDA අගය, ශුද්ධ මුදල් ප්‍රවාහ අඛණ්ඩව ශක්තිමත් කරයි. සියයට 32 ක් වූ ශුද්ධ ණය අනුපාතය (net debt-to-equity ratio), ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි. ඉහළ මුදල් ඉපැයීම් මත පදනම්ව, 2025 මාර්තු 31 දිනට සාපේක්ෂව ශුද්ධ ණය/EBITDA අනුපාතය තවදුරටත් යහපත් වනු ඇතැයි සමූහය අපේක්ෂා කරයි.“ යනුවෙන් ජෝන් කීල්ස් සමූහය පවසයි.

විශේෂයෙන්ම ශක්තිමත් ඉල්ලු‍ම් ප්‍රවණතා සහ යටින් පවතින වර්ධනය, වැඩිදියුණු වන මෙහෙයුම් උත්තෝලනය සහ විනයානුකූල ශේෂ පත්‍ර කළමනාකරණය සමගින්, 2025/26 මූල්‍ය වර්ෂයේ දෙවැනි භාගයේදී සහ ඉන් ඔබ්බට ද, අඛණ්ඩ වර්ධනයක් සහ අගය නිර්මාණයක් උදා කිරීමට ජෝන් කීල්ස් සමූහය මනා ලෙස ස්ථානගත වී සිටින බවත් සඳහන් කරයි.



අදහස් (0)

ජෝන් කීල්ස් සමූහය දෙවැනි කාර්තුවේදී ශක්තිමත් කාර්යසාධනයක් පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site