IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ගෝලීය ප්ලාස්ටික් දූෂණ අවම කිරීමේ ප්‍රමිති සහතිකය හිමි පළමු ලාංකික සමාගම INSEE Ecocycle


තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ  ලාංකික ප්‍රමුඛයා වන INSEE Ecocycle Lanka (Pvt) Limited, රටටම පූර්වාදර්ශයක් දෙමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ප්‍රමිතිය  (PPRS) ලැබූ පළමු  ලාංකික සමාගම බවට පත්ව ඇත. මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගත්, තුන්වැනි පාර්ශවයක විගණන ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කිරීමෙන් පසු පිරිනැමෙන අතර එකී සමස්ත ක්‍රියාවලියම උපරිම විනිවිදභාවයෙන් හා නැවත විමර්ශනය කළ හැකි අයුරින් සිදු කෙරේ.

මෙම ප්‍රමිති සහතිකය මැනිය හැකි පාරිසරික ක්‍රියාමාර්ග සඳහා INSEE Ecocycle දක්වන කැපවීම තවත් ශක්තිමත් කරන්නට හේතුවක් මෙන්ම, අපේක්ෂිත නව රාජ්‍ය නියාමන සැපිරීම සඳහා ද පුරෝගාමී කාර්යයක් ඉටු කරයි. 

ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ-සැකසීමේ පහසුකම සහිත පුත්තලමEcocycle  සහ මල්වානේ පිහිටි සම්පත් ප්‍රතිසාධන මෙහෙයුම් මධ්‍යස්ථානය මෙම ප්‍රමිතියෙන් ආවරණය කෙරේ. මෙම මුලපිරීමේ ඇති සුවිශේෂතා අතර ප්ලාස්ටික් දූෂණය අවම කිරීම, ප්‍රතිචක්රීකරණය කළ හැකි සහ නොහැකි යන දෙවර්ගයම ආවරණය කිරීම, කිසිදු අතුරුඵලයක් ඉතිරි නොවන අයුරින් අපද්‍රව්‍ය විනාශ කළ හැකි වීම සහ පරිමාණය වේගයෙන් වැඩි කළ හැකි වීම මෙන්ම තහවුරු කළ ස්වාධීන ක්‍රියාවලියක් සහතික කිරීම කැපී පෙනේ. එමෙන්ම, මෙම සේවාව සැපයීම සම්බන්ධයෙන් Ecocycle  හිමි කරගෙන ඇති ප්‍රමුඛතාව ද මෙමගින් පිළිබිඹු වේ.

ජාත්‍යන්තරව පිළිගත් වලංගු සහ තහවුරු කළ ආයතනයක් වන  Control Union Philippines විසින් දැඩි තක්සේරුවකින් පසුව, ඉහත ව්‍යාපෘති දෙකම PPRS යටතේ නිල වශයෙන් ලියාපදිංචි කරන ලදී. 2025 අගෝස්තු 26 වැනි දින නිකුත් කරන ලද සහතිකයේ අනුකූලතාව පරික්ෂා කිරීම සඳහා ගෝලීය ප්‍රමිතිවලට අනුකූලව වාර්ෂිකව අඛණ්ඩ සමාලෝචන ද සිදු කෙරේ.

මෙහිලා වඩා වැදගත් කරුණ වන්නේ,  PPRS රාමුව ISO මට්ටමේ පද්ධති හා සැසඳිය හැකි එකක් වීමයි. එමෙන්ම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය තිරසර ලෙස කළමනාකරණය සහ බැහැර කිරීම හෝ සම්පත් ප්‍රතිසාධනය මෙමගින් සහතික කරන අතරම ද්විත්ව ගණනය කිරීම් වළක්වමින් සමස්ත ක්‍රියාවලිය පුරා නිවැරදි වාර්තාකරණයක්, විනිවිදභාවයක් සහ වගවීමක් සහතික කරනු ලබයි.

මෙම මුලපිරීම, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවලදී සෘජුවම සහාය වන අතර ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත විස්තීර්ණ නිෂ්පාදක වගකීමටද (EPR)  මෙම සේවාව අදාළ වේ. එම නියාමන රාමුවට අනුව, නිෂ්පාදකයන් ඉදිරියේදී සම්පූර්ණ කළ යුතු වැදගත් අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සුදුසු  යාන්ත්‍රණයක් සපයන්නට INSEE Ecocycle සමත්ව තිබේ. ස්වේච්ඡාවෙන් සිදු කරන මෙම සේවාවෙන් සමාගමේ නායකත්වයත්, අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ පළමුවැන්නා සහ නව ප්‍රවණතා නිර්මාණය කරන්නකු ලෙස සමාගමේ භූමිකාවත් මැනවින් නිරූපණය කරයි.



අදහස් (0)

ගෝලීය ප්ලාස්ටික් දූෂණ අවම කිරීමේ ප්‍රමිති සහතිකය හිමි පළමු ලාංකික සමාගම INSEE Ecocycle

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site