වසර ආරම්භයේ සිට ඔක්තෝබර් මස 29 දක්වා මෙරටට සංචාරකයෝ 1,878,557 ක්
වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව420,033 ක්
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය ඔක්තෝබර් මාසයේ දින 29 කාලය තුළදී මෙරටට සංචාරකයන් 153,063 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට ඔක්තෝබර් මස 29 දක්වා මෙරටට සංචාරකයන් 1,878,557 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
එහිදී පසුගිය ඔක්තෝබර් මාසයේ මෙන්ම මෙම වසරේදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙම වසරේදී සංචාරකයන් 420,033 ක් මෙරටට පැමිණ ඇති අතර පසුගිය ඔක්තෝබර් මාසයේ පමණ ඉන්දියාවෙන් සංචාරකයන් 44,741ක් මෙරටට පැමිණ ඈත.
මේ දක්වා දෙවැනි ස්ථානයට වැඩියෙන්ම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධනියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්ය. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 174,021 ක් මෙරටට පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයන් 132,594 ක් මෙරටට පැමිණ ඇත.
මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 26 සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 721443 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. මේ වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 5 මුදලක ආදායමක් සංචාරක ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට ඉලක්ක කර තිබේ.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔක්තෝබරයේ දින 29කදී සංචාරකයෝ 153,063 ක් පැමිණිලා