IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන බෙදාහැරීම බ්‍රවුන්ස් EV වෙතින්

LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, LOLC පීඑල්සී සභාපති කොන්රඩ් ඩයස් සහ බ්‍රවුන්ස් EV ප්‍රධාන විධායක නිලධාරිනී පවිත්‍රා ජයසේකර යන මහත්ම මහත්මීන්  BAW E7 පළමු පාරිභෝගිකයාට යතුරු ප්‍රදානය කරමින්.


 

  • අලු‍ත්ම BAW වාහන 100 කට අධික සංඛ්‍යාවක් පළමු හිමිකරැවන්ට භාර දෙයි

බ්‍රවුන්ස් EV 100 කට අධික අලු‍ත්ම BAW විද්‍යුත් වාහන ඒවා ඇණවුම් කළ පළමු හිමිකරුවන් වෙත ලබාදීම සාර්ථක ලෙස සපුරාලීමෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නව මිනුම් සලකුණක් සටහන් කළේය. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකළ විශාලතම විද්‍යුත් වාහන බෙදාහැරීම ලෙස නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම උත්සවය, ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි බ්‍රවුන්ස් EV බෙදාහැරීමේ අංගණයේදී පසුගිය ඔක්තොම්බර් 21 වැනිදා පැවත්විණ. එමගින් මෙරට හරිත ප්‍රවාහන විප්ලවය ඉදිරියට ගෙනයාමට බ්‍රවුන්ස් EV හි නායකත්වය පිළිබිඹු කරයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ LOLC හෝල්ඩින්ග්ස්  පීඑල්සි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන, LOLC  ෆිනෑන්ස් පීඑල්සි සභාපති කොන්රඩ් ඩයස් සහ බ්‍රවුන්ස් EV ප්‍රධාන විධායක නිලධාරිනී පවිත්‍රා ජයසේකර යන මහත්ම මහත්මීන් මෙම වාහනවල සාඩම්බර හිමිකරුවන්ට යතුරු ප්‍රදානය කරනු ලැබීය. 

බ්‍රවුන්ස් EV හඳුන්වාදුන් BAW විද්‍යුත් වාහන පෙළ නවෝත්පාදනය, අලංකාරය සහ විශ්වසනීයත්වයේ පරිපූර්ණ සංකලනයකි. රුපියල් මිලියන 4.7 කට මිලකර ඇති BAW E7, ශ්‍රී ලංකාවේ දැනට දැරිය හැකි මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන විද්‍යුත් මෝටර් රථයක් ලෙස කැපී පෙනේ. E7, තාක්ෂණය, සුවපහසුව සහ සුරක්ෂිතතාව එක්කළ සුමුදු සංයුක්ත නිමාවකින් යුත් විද්‍යුත් මෝටර් රථයකි. එමගින් ඩුවල් ඩ්‍රයිවින් මෝඩ්, අඟල් 9 යේ පාවෙන ටච්-ස්ක්‍රීන්, ටයර් පීඩන අධීක්ෂණ පද්ධතියක් (TPMS), රිවර්ස් කැමරාව සහ තවත් බොහෝ දෑ සමග පරිපූර්ණ රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

වසර 10 ක හෝ කිලෝමීටර 120,000 ක බැටරි වගකීමක් සහ වාහනයට වසර 3 ක වගකීමක් සහිත E7, එම මිල කාණ්ඩයේම පාවිච්චි කළ වාහන සලකා බලන ගැනුම්කරුවන්ට දිගු කාලීන වටිනාකමක් ලබාදෙන ආකර්ෂණීය තේරීමක් වේ. 

ඊට තවත් වටිනාකමක් එක් කරමින්, සෑම BAW ගැනුම්කරුවකුටම කිලෝවොට් 7 ක ගෘහස්ථ ආරෝපණයක් (චාර්ජරයක්) සහ පළමු වසරේ රක්ෂණය නොමිලේ ලබා දෙන්නේ දැරිය හැකි මිල මෙන්ම පහසුව යන අංග දෙකම සහතික කරමිනි. 

චීනයේ පැරණිතම සහ විශ්වාසදායීතාවෙන් සුපතළ මෝටර් රථ නිෂ්පාදකයකූ වන බීජිං ඔටෝමොබයිල් වර්ක්ස් (BAW) විසින් නිෂ්පාදනය කරන මෙම වාහන ඔවුන්ගේ දශක හතක ඉංජිනේරුමය විශිෂ්ටත්වය මූර්තිමත් කරයි. 1951 වසරේ ස්ථාපිත කරන ලද BAW, එහි සංකේතයක් බඳු වූ BJ - 212 ඇතුළු ඔෆ් රෝඩ් වාහන සහ දැඩි හමුදා රථ නිර්මාණයෙන් කීර්තිමත් මෝටර් රථ නිෂ්පාදකයකු බවට පත්විය. කාලයත් සමග පරිවර්තනය වෙමින් සුඛෝපභෝගී මෝටර් රථ (SUV), සැහැල්ලු‍ ට්‍රක් රථ සහ මගී මෝටර් රථ දක්වා ව්‍යාප්ත වූ BAW, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය උදෙසා ප්‍රචලිත කීර්තිනාමයක් ගොඩනඟා ගෙන තිබේ. 

සුප්‍රකට Fortune සඟරාවේ ප්‍රමුඛ ගෝලීය සමාගම් 500 අතර, 166 වැනි ස්ථානයේ සිටින,handong Weiqiao Pioneering සමූහය යටතේ අද ක්‍රියාත්මක වන BAW, චීනය පුරා නිෂ්පාදන පහසුකම් සමඟ ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවකට මෝටර් රථ අපනයනය කරමින් විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් බවට පත්ව ඇත. BAW වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස, බ්‍රවුන්ස්  EV, දිවයින පුරා සේවා ජාලයක්, නියම අමතර කොටස් සහ විශේෂඥ තාක්ෂණික කණ්ඩායම් හරහා පරිපූර්ණ අලෙවියෙන් පසු සේවාවක් ලබාදේ.

BAW, E7 විද්‍යුත් මෝටර් රථය පිළිබඳව මෙරට ජනතාව අතර පවතින දැඩි උද්‍යෝගය සහ උනන්දුව නිල දියත් කිරීමට පෙර එම වාහන 2,000 කට පූර්ව ඇණවුම් ලබා දීමෙන් පැහැදිලිවේ. පාරිභෝගිකයන්ට දැන් පොරොත්තු කාලයක් නොමැතිව BAW, E7 පරීක්ෂණ ධාවනයක් සමග වාහනයේ ක්‍රියාකාරිත්වය සහ එහි සුවිශේෂී විශේෂාංග අත්දැකීමෙන් පසු මිලදී ගත හැක. 

මෙම වාර්තාගත බෙදාහැරීමත් සමග බ්‍රවුන්ස්  EV හි ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තවදුරටත් ශක්තිමත් වේ. බ්‍රවුන්ස්  EV සහ BAW අතර දිගුකාලීන සහයෝගීතා ගිවිසුම මඟින් වත්මන් මාදිලිවලින් ඔබ්බට ගොස්, දේශීය වෙළෙඳපොළට ගැළපෙන පුළුල් පරාසයක වාහන හඳුන්වා දීමට සැලසුම් කර ඇත. ශක්තිමත් පාරිභෝගික උනන්දුව සහ ගෝලීය වශයෙන් පිළිගත් හවුල්කරුවකු සමග බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගත දියුණුව කරා වේගයෙන් රැගෙන යාමට අද්විතීය ස්ථානයක පසුවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ හරිත විද්‍යුත් ප්‍රවාහනයේ මිනුම් සලකුණු තබමින් එය ඉදිරිය ගැන නැවත සිතා බැලීම සඳහා ජාතියට පෙළඹවීමක් ඇති කරයි.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන බෙදාහැරීම බ්‍රවුන්ස් EV වෙතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site